Author: LFN

බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී ‍කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාර මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළාගොස් තිබේ. එලෙස පළාගොස් ඇත්තේ, මල්වත්තේ අමිල නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඊයේ (30) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරෝයින් ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ, දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණය අසලදීය. අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, මල්වත්තේ අමිල නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් එම හෙරොයින් මිල දී ගත් බවයි. ඒ අනුව නිලධාරීන්, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලවා මල්වත්තේ අමිල නැමැත්තාව බොරැල්ල පී. සරවණමුත්තු ක්‍රීඩාංගණය අසලට ගෙන්වා ගෙන තිබේ. ඔහු රතු පැහැති මෝටර් රථයකින් අදාළ…

Read More

කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා, “ඊයේ දවසසේදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් අපි දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදුකර යන්ත්‍රයයි බිඳවැටීම සිද්ධ වුණේ. වැඩිම පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකරන්නේ එම යන්ත්‍රයෙන්. දැන් ලංකාවේ මේ වනවිය CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තාම බිඳවැටුණු තත්ත්වයේ තිබෙන්නේ. එම රෝහල්වල යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් රෝගීන් ප්‍රවාහානයට සහ පෞද්ගලික අංශයෙන් CT…

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙන්නේ සැලසුම් රැසක් සමඟ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. ඊයේ නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, “ප්‍රෙෂර් එක වැඩිවෙලාවේ තමයි අපි ටීම් එකක් විදියට හොඳටම කරලා තියෙන්නේ. මම හිතනවා ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වෙන එක අපිට නවත්වන්න අමාරුයි. අවාසනාවකට වගේ අපිට ඒක දිගින් දිගටම වුණ දෙයක්. ට්‍රේනින් වෙන එකේවත් මහන්සිවෙන එකේවත් මම වැරැද්දක් දකින්නේ නෑ. ඒක අවාසනාව. පිතිකරණය ගත්තොත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රැසක් අපිත් එක්ක ඉන්නවා. මම විශ්වාස කරනවා පීඩනය ඔස්සේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.…

Read More

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කළේය. අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බොහෝ පිරිසක් පැමිණ සිටි බව වාර්තාවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක් ද අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියේය. ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය මේ වන විට මහවැලි නදියේ ගැටඹේ තොටේ දී සිදුකරනු ලබයි. දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබේ.

Read More

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවය. ඒ අතර ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබේ. එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය. වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න…

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බවය. ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ. අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර එහි පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇත. ඊට අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පසුගියදා කටයුතු කර තිබුණි.

Read More

කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි. පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව…

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයකට ලක්වීම හේතුවෙන්. දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියට එක් නොවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වූයේ ඛඡඛ තරඟාවලිය අතරතුරයි. ඒ අනුව ඔහුටද තරගාවලිය අහිමි වී තිබෙනවා. ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ සහභාගීත්වය ද තවමත් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි. එවන් පසුබිමක් තුළ වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ද ආබාධයකට ලක්ව ඇතැයි මේ වන විට වාර්තා වනවා. එමෙන්ම කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය…

Read More

පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසී

Read More