Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමනල වැව ජලාශයේ ජල කාන්දු ගැන ගත් තීරණය
    Featured

    සමනල වැව ජලාශයේ ජල කාන්දු ගැන ගත් තීරණය

    By LFNSeptember 4, 2023No Comments2 Mins Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමනල වැව ජලාශයෙන් ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුුතු එළඹෙන සතිය තුළ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා ජලාශයේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළේ මේ අවස්ථාවේ කාන්දු වසාදැමීමට පියවර නොගතහොත් ඊට යළි අවස්ථාවක් උදානොවනු ඇති බවය.

    සමනලවැව ජලාශය ඉදිකිරීමේදී භූ විද්‍යා ඉංජිනේරුවරයෙක් වශයෙන් දායකත්වය සපයා ඇති ඒ මහතා තිස් වසරක කාලයක් පුරා ජලාශය සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකර තිබේ.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා,

    “මේක තමයි සමනල වැව ව්‍යාපෘතියේ තියෙන ලොකුම ගැටලුව. සියලුම උත්සහායන් යොදවන්න ඕනේ මේ ප්‍රධාන ජල කාන්දුව වහ ගන්න. තව මීටර් 10ක් විතර ජලාශයේ ජල මට්ටම පහත් කරලා සම්පූර්ණයෙන් උමග තුළින් යන ජල කාන්දුව වහන්න තමයි උත්සහා කරන්නේ. විවෘත්ත කරපු දවසේ ඉදලා අද වෙනකොට අවුරුදු 30ක් වෙනවා. ඒ අවුරුදු 30ටම ජල මට්ටම මෙච්චර පහත බැහැපු පළමු අවස්තාව මේ. ඒකයි මේක අපි ගෝල්ඩන් ඔපචුනිටි එකක් කියලා කියන්නේ. මේ අවස්තාවේ මේක වහගත්තේ නැතිනම්, මට හිතෙන්නේ නෑ ආය මේක කවදාවත් වහන්න සිදුවෙයි කියලා. වර්ෂයකට බිලියන දෙකකට වඩා ඉතුරුකර ගන්න පුළුවන්. මේ කාන්දුවෙන් 75%ක් වහ ගත්තොත්. 100% වහගත්තොත් ඊට වඩා වැඩි. ඉතා අඩු වියදමකින් ඒක කරන්න පුළුවන්. මිලියන 10ක් 15කින් ඒ උමග සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන් වෙයි ”

    දකුණු ඉවුරෙන් මෙලෙස කාන්දුවන ජල ප්‍රමාණය මැනගැනීමට කාන්දුවන ජලය වලවේ ගඟට එකතුවන ස්ථානයේ උපකරණ දෙකක් සවිකිරීමද (02) සිදුකෙරුණි.

    දිවයිනට බලපෑ නියඟය සහිත වියළි කාලගුණික තත්ත්වය හමුවේ සමනල වැව ජලාශය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය විය.

    ඒ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සමනලවැව ජලාශයෙන් උඩවලව කලාපයේ නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලිය හේතුවෙනි.

    මෙවැනි පසුබිමක විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරන සමනල වැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන 7ක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා අනාවරණ කළේය.

    ඒ අනුව එම ජල කාන්දු වසාදැමීමට අදාළ ක්‍රියාවලිය විදුලිබල මණ්ඩලය ආරම්භ කර තිබේ.

    එම මණ්ඩලය සඳහන් කළේ අදාළ කාන්දු වසාදැමීමට අවශ්‍ය පස් සපයාගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවය.

    ඒ අනුව එළඹෙන සතියේදී කාන්දු වසාදැමීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.