Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දීර්ඝකාලීන සතුටක් ඇති වෙන්නේ ආණ්ඩුවක් පිහිටුවොත් විතරයි -මෛත්‍රී
    Featured

    දීර්ඝකාලීන සතුටක් ඇති වෙන්නේ ආණ්ඩුවක් පිහිටුවොත් විතරයි -මෛත්‍රී

    By LFNSeptember 4, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණි.

    “එක්වෙමු – වෙනසකට සැරසෙමු“ යන්න මෙවර සංවත්සරයේ තේමාවයි.

    උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

    ඇරියුම් කර තිබුණද හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට සහභාගී වී සිටියේ නැත.

    එහිදී අදහස් දැක්වූ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න ඕනේ. නමුත් රටේ ජනගහණයෙන් 60%ක් පමණ ඉදිරි මැතිවරණයේ දී ඡන්දේ දෙන්නේ කාට ද කියලා තාමත් තෝරගෙන නෑ. එහෙම නම් 60%ක් පමණ ජනතාව ආකර්ෂණය කර ගන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තියනවා. අපිට ප්‍රධාන වශයෙන්ම විසඳුම් තමයි අංක 1 පක්ෂයේ සියලුදෙනාගේ සමගිය සහ දැඩි සහෝදරත්වය සහ මිත්‍රශීලීභාවය. අපි මේ ලස්සන සුන්දර සැන්දෑවේ මේ වගේ සංවත්සරයක් සැමරුමක් තියලා සතුටු වෙනවා වගේම මේ සතුට යම් දීර්ඝ කාලීන සතුටක් කර ගන්න පුළුවන් වෙන්නේ අපි ආණ්ඩුවක් පිහිටුවොත් විතරයි. එහෙම නැතිනම් අපි මෙතන එකතුවෙලා ලබන සතුට ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුණොත් අපිට අපේ ප්‍රතිපත්ති හා දර්ශන තුළ අපට නැවත අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ මේ රටේ පොදු මහ ජනතාවට දුක් විදින්නයි කරදර වෙන්නයි සිද්ධ වෙන්නේ.”

    1951 වසරේ සැප්තැම්බර් 02 වනදා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබීය.

    ශ්‍රී ලාංකේය දේශපාලනයේ අවස්ථා ගණනාවකදී ආණ්ඩු පෙරළි කිරීමට පෙරමුණ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරටට ජනාධිපතිවරු තිදෙනෙකු සහ අග්‍රාමාත්‍යවරුන් හත් දෙනකු දායාද කරමින් සුවිශාල කාර්යභාරයක් සිදුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.