Author: LFN
චන්ද්‍රයාන් – 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් වෙයි. චන්ද්‍රයාන් – 3 සාර්ථකත්වය හමුවේ ඉන්දියාව මීළඟට සැරසෙන්නේ ඉර තරණයට ය. ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන සෙනසුරාදා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ තොටුපොළෙන් නික්මීමට නියමිත බව ඉස්රෝ (ISRO) නැත්නම් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය. හින්දි බසින් හිරු හඳුන්වන ආදිත්‍යා ලෙස නම් කළ ඉන්දියාවේ සූර්ය ගවේෂණ යානය සූර්ය ගවේෂණය වෙනුවෙන් ඉන්දියාව නිපදවූ පළමු අභ්‍යවකාශ යානය ලෙස හැඳින්වෙයි. හිරුගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව උඩුගුවනට…
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා ඊයේ (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි. එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණි. බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවය. මෙම…
තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේ ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් පෙරහැර සාර්ථකව සිදුවූ බවට වූ සංදේශය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමෙන් අනතුරව ඔහු මේ බව පැවසීය. “තම පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට ප්‍රයත්න දරන්නන් විසින් උත්තම ශ්‍රී දළදා වහන්සේට හා ශ්‍රී දළදා මාළිගාවටත් උභය මහා විහාරයටත් ඉතා ද්වේශ සහගත අයුරින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හා වෙනත් විවිධ ආකාරයෙන් වරින් වර එල්ල කරනු ලබන ඊර්ෂ්‍යා සහගත නින්දා අපවාද අපමණය. ලෝකයේ විවිධ සත්ත්ව හිංසා හමුවේ නිහඬතාවය රකින රාජ්‍ය නොවන සංවිධාන පෙරහැරට විරෝධය පළ…
තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, “මාව තියාගන්න හිටපු ජනාධිපතිතුමා අකමැති නම්.. විධායක සභාව අකමැති නම් මම යන්න කැමතියි. යටින් තල්ලු නැහැ. උඩ කට්ටිය තමයි තල්ලු දාන්නේ. ඒකට බය නැහැ. නම් කියන්න බැහැ. ඒ අයට ඕනේ එක්සත් ජාතික පක්ෂයට මේක හේත්තු කරන්න.”
ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ. මෙම සුඛෝපභෝගී ජීප් රථ සොයාගෙන ඇත්තේ කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය. මෙරටට වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් මෙම රථවාහන මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරයි. අදාළ රථ රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු බවට හෙළිවී ඇත. එම රථ සොයාගන්නා අවස්ථාව වනවිටත් අදාළ වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සූරා ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර අදාළ නිවසේ හිමිකරු වන වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත්තේය. ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි. ලංකා භූමිතෙල් මිල…
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාළවයි. ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව මහතාට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.