Author: LFN
ත්‍රිකුණාමලය, බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අත්හිටුවමින් මින් පෙර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඊයේ (28) තීරණය කළේය. ඒ එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සිදුකළ විරෝධතාවකින් අනතුරුවය. ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ නවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් ගෝකණ්නපුර සුරැකීමේ සංවිධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට අද පැමිණ තිබුණි. එලෙස පැමිණි පිරිසට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලැබීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පසුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රීකුණාමලය – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණි. පසුව…
විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු, දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ සවිකළ පද්ධති එකසිය අසූ අටකින් අනූ හතරක්ම මේවන විටත් අක්‍රීය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි. ඒ අනුව, ඊට වැය කළ රුපියල් මිලියන පන්සියයක මුදල අපතේ ගොස් ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය. මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46න් 34ක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95%ක්, එනම් රුපියල් මිලියන 1003ක මුදලක් ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන්ව තිබීමත් විශේෂත්වයකි. ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින්…
රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස පිහිණුම් තටාකයට ඇතුළු වී ඇත්තේ කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකි. අප කළ විමසීමක දී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, සංජිවනි ගිනිගද්දර මහත්මිය සඳහන් කර සිටියේ, සිසුන් විසින් උපදෙස් පිළිනොපැද අනාරක්ෂිතව හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නමැති අවුරුදු 21ක කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවා ඉතා කෙටි කාලයක් තුළ මිහින්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබේ. ඒ අනුව, එම තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ. ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති…
අද (28) උදෑසන කඳාන දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ලොරියේ බදේ දුම්රිය ගැටී ඇති බවය. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
ලබන වසරේ (2024) අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය (28) සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙවර අයවැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු සහ ඒ ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19 ක පවුල් 84646කට අයත් 291720 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. දැඩි නියඟය හේතුවෙන් තවදුරටත් වැඩිම බලපෑම උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23688 කට අයත් පුද්ගලයන් 75607 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18991 කට අයත් පුද්ගලයන් 63265 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින…
නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ඉඩම් ලබාදී ඇති බවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබූ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් වනජීවී දොර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නැවත ගැසට් කර තිබෙන බවටද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3065 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මඟින් ඉඩම් අක්කර 265ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කය…