Author: LFN
හෙට මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වන නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් අද උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි. එමෙන්ම, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම සහ වයඹ පළාත්වල අද (02) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බව සඳහන් වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිවු දිස්ත්රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තෙමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්,…
(02) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.01කින් ඉහළ දමනු ඇති. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බවය.
කිළිනොච්චිය ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 01 දින විරෝධතාවයක් සිදුකර ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසින් “ප්රදේශයේ ආරක්ෂාවට හා මත්ද්රව්ය ජාවාරම් හේතුවෙන් තරුණ පරම්පරාවේ අනාගතයට බලපෑම් එල්ල වන බවට පවසමින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින්” විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹු වන ආකාරයේ පුවරු ප්රදර්ශණය කරමින් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත. තවද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාව මගින් මේ වන විට සිදු කර ඇති සේවය හා කඳවුරු ඉවත් කිරීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම පෙන්වා දෙමින් උතුරු ප්රදේශයෙන් යුද්ධ…
පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. ඒ, කුලියාපිටිය ප්රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ය. කුලියාපිටිය ප්රදේශයේ පදිංචි ව්යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්රියාත්මක කළ QR ක්රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්යවරයා මේ බව පැවසීය.
පෙට්රල් ලීටරයක මිල ඊයේ මධ්යම රාත්රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්රීරෝද රථ රියදුරන්ට ප්රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මාධ්යට. ආණ්ඩුව මාසයෙන් මාසයට පෙට්රල් මිල සංශෝධනය කරන ආකාරයට ත්රීරෝද රථ ගාස්තු සංශෝධනය කළ නොහැකි බව කී ධර්මසේකර මහතා ත්රීරෝද රථ ගාස්තු නියාමනය සඳහා ක්රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩු කීපයකින් ඉල්ලා සිටිය ද එය නොකළ බව ද සඳහන් කළේය. වර්තමාන ප්රවාහන අමාත්යවරයා මුණගැසී මීට දින කීපයකට පෙර ද ත්රීරෝද රථ නියාමනයට කටයුතු කරන ලෙස…
චන්ද්රයාන් – 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්රැව ප්රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්යවකාශ ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් වෙයි. චන්ද්රයාන් – 3 සාර්ථකත්වය හමුවේ ඉන්දියාව මීළඟට සැරසෙන්නේ ඉර තරණයට ය. ආදිත්යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන සෙනසුරාදා දකුණු ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ ශ්රී හරිකෝටා අභ්යවකාශ තොටුපොළෙන් නික්මීමට නියමිත බව ඉස්රෝ (ISRO) නැත්නම් ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය. හින්දි බසින් හිරු හඳුන්වන ආදිත්යා ලෙස නම් කළ ඉන්දියාවේ සූර්ය ගවේෂණ යානය සූර්ය ගවේෂණය වෙනුවෙන් ඉන්දියාව නිපදවූ පළමු අභ්යවකාශ යානය ලෙස හැඳින්වෙයි. හිරුගේ ක්රියාකාරීත්වය අධ්යයනය කිරීම සඳහා ඉන්දියාව උඩුගුවනට…
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්ය වෛද්යවරයකු වන විශේෂඥ වෛද්ය මලික් සමරසිංහ මහතා ඊයේ (31) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි. එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්රාත් රජින්ද්රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණි. බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්ය විශේෂඥ වෛද්ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවය. මෙම…