Author: LFN

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ…

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේ ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් පෙරහැර සාර්ථකව සිදුවූ බවට වූ සංදේශය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමෙන් අනතුරව ඔහු මේ බව පැවසීය. “තම පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට ප්‍රයත්න දරන්නන් විසින් උත්තම ශ්‍රී දළදා වහන්සේට හා ශ්‍රී දළදා මාළිගාවටත් උභය මහා විහාරයටත් ඉතා ද්වේශ සහගත අයුරින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හා වෙනත් විවිධ ආකාරයෙන් වරින් වර එල්ල කරනු ලබන ඊර්ෂ්‍යා සහගත නින්දා අපවාද අපමණය. ලෝකයේ විවිධ සත්ත්ව හිංසා හමුවේ නිහඬතාවය රකින රාජ්‍ය නොවන සංවිධාන පෙරහැරට විරෝධය පළ…

Read More

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, “මාව තියාගන්න හිටපු ජනාධිපතිතුමා අකමැති නම්.. විධායක සභාව අකමැති නම් මම යන්න කැමතියි. යටින් තල්ලු නැහැ. උඩ කට්ටිය තමයි තල්ලු දාන්නේ. ඒකට බය නැහැ. නම් කියන්න බැහැ. ඒ අයට ඕනේ එක්සත් ජාතික පක්ෂයට මේක හේත්තු කරන්න.”

Read More

ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ. මෙම සුඛෝපභෝගී ජීප් රථ සොයාගෙන ඇත්තේ කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය. මෙරටට වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් මෙම රථවාහන මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරයි. අදාළ රථ රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු බවට හෙළිවී ඇත. එම රථ සොයාගන්නා අවස්ථාව වනවිටත් අදාළ වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සූරා ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර අදාළ නිවසේ හිමිකරු වන වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත්තේය. ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු…

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.…

Read More

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි. ලංකා භූමිතෙල් මිල…

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාළවයි. ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව මහතාට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවය. එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.

Read More

අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ. එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය. එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය. පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය…

Read More