Author: LFN

මහනුවර නගර සීමාවේ රජයේ පාසල් (28) සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව 28, 29 සහ 31 යන දින තුන තුළ මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙන අතර සැප්තැම්බර් මස පළමුවනදා එම පාසල් විවෘත කෙරෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. පාසල් නිවාඩු ලබාදෙන දින වෙනුවට ඉදිරි සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසීය. ලබන සතියේ නිවාඩු ලබාදෙන…

Read More

අමෙරිකාවේ ෆ්ලොරිඩා හි සුදු ජාතිකයෙකු සිදුකළ වෙඩිතැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙක් මිය ගොස් තිබේ. වර්ගවාදය පදනම් කරගෙන සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ එක් කාන්තාවකි. වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 20ක් පමණ වන සුදු ජාතික තරුණයා ද පසුව සිය දිවි නසාගෙන තිබුණි. වෙඩිතැබීම සිදුව තිබුණේ ප්‍රාන්තයේ කළු ජාතික විශ්වවිද්‍යාලයක් ආසන්නයේ ය. වෙඩික්කරු කිසියම් සංවිධානයක සාමාජිකයෙකු ද යන්න පිළිබඳව විමර්ශන සිදුකෙරෙමින් පවතී. මෙම වසර තුළ අමෙරිකාවේ සිදුකළ වෙඩිතැබීම්වලින් මිය ගිය පිරිස 28,000කි.

Read More

වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේ. මෙම වෙන්දේසිය (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙනි. වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින් එම අඹ ගෙඩිය මිල දී ගත් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් එම වෙන්දේසිය පවත්වා තිබේ. උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියන් අවධාරණය කළේ ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමියන්, “අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවලට, එක එක බලවේගවලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ ගොල්ලෝ ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා…

Read More

වගා කටයුතුවලදී හානිකර කෘමීන් විනාශ කිරීම සඳහාත් අස්වනු ඉහළ නැංවාගැනීම සඳහාත් ගොවීන් විවිධ රසායනික පළිබෝධනාශක භාවිත කරයි. එවැනි පළිබෝධ නාශකවල ප්‍රමිතිය හා යෝග්‍යතාව පිළිබඳව සමීක්ෂණ පවත්වනු ලබන්නේ ”ජාත්‍යන්තර පළිබෝධනාශක ක්‍රියාකාරි ජාලය” විසිනි. කෙසේ වෙතත් එම ජාලය 2022 වසරේදී ”අධි අන්තරායකර” සහ ”වගාවන් සඳහා භාවිතයට නුසුදුසු” ලෙස නම් කර ඇති පළිබෝධනාශක වර්ග 40ක් තවමත් මෙරට වගා සඳහා යොදාගන්නා බවට පරිසර යුක්ති කේන්ද්‍රයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් දිස්ත්‍රික්ක 09ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ඒ සමහර පළිබෝධ නාශක ඇතැම් රටවල තහනමට පවා ලක් කර ඇති ඒවා වීම විශේෂත්වයකි. නමුත් විමතියට කරුණ නම් මෙම රසායනික පළිබෝධනාශක 40 මෙරට භාවිතයට සුදුසු බවට 2016 නොවැම්බර්…

Read More

අද (28) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී…

Read More

පවතින නියං තත්ත්වය මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් දෙවන ස්ථානය ගෙන සිටින වයඹ පළාතේ කිරි නිෂ්පාදනයටත් දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි. දැඩි අව් රෂ්මිය හමුවේ ගවයන්ට ආහාර සඳහා සුදුසු තෘණ භූමි වියැළී ගොස් ඇති අතර, කිරි ගොවීන් පවසන්නේ, ඉදිරි සතිවල දී නියං තත්ත්වය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බවයි. සාමාන්‍යයෙන් මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1,250 ඉක්මවන අතර ඉන් සියයට 18කට වැඩි දායකත්වයක් සැපයෙන්නේ වයඹ පළාතෙනි. පසුගිය ජූලි මාසයේ වයඹ පළාතේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් 156,000ක් ලෙසට සටහන් වුවත් ඉදිරි සතිවල දී නියඟය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ…

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ඉර පායන…

Read More

‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි. හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණය. ‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි. ‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ…

Read More

2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි. කෙසේ නමුත් මෙවර අය-වැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි සහනාධාරය, වකුගඩු රෝග සහනධාරය, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් සදහා පළමු අදියරේ සියලු දීමනා එළැඹෙන සතියේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.…

Read More