Author: LFN

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නියාමන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවරා ගැනීමට කටයුතු කළහොත් එය මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය බව එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කෝප් කමිටුවේදී කරුණු දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ නියාමන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගැනීමෙන් පසු එහි නියාමනයක් සිදුනොවන බවය. “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන වෙලාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරලා අවසානයේදී තමයි ඒ ආයතනවලට උපාධියක් පිරිනමන්න අවස්ථාව ලංකාව තුළ ලබාදුන්නේ.” “නමුත් අවාසනාවකට 2012 දී ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබාදී තිබූ බලතළ අතිවිශේෂ ගැසට්…

Read More

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව ඊයේ (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ. ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා…

Read More

කෙසෙල්වත්තේ මාටින් පෙදෙසේදී පසුගිය 30 වනදා “පොඩි කවී” නමැත්තා ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ පොලීසිය පරිහරණය කරන ගිනි අවියකට සමාන අවියක් බවට පොලීසිය සැක පළකරයි. ඒ, අදාළ වෙඩිතැබීම සිදුකළ 20 හැවිරිදි තරුණයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරන ගත් කරුණු අනුවය. ජීව උණ්ඩ 20ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ ගිනිඅවිය පොලීසිය විසින් කඩවත ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබියදී සොයාගෙන ඇත. එම ගිනිඅවියේ රහස් අංකය මකා ඇති බව ද පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද පොලිසිය සොයාගෙන තිබේ. එම ගිනිඅවිය ගනේමුල්ලේ සංජීව නැමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව…

Read More

ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි. රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක සිටි චීන ජාතිකයෙකු පසුගිය 19 වනදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය නිවස පිරිසක් විසින් කොල්ලකෑ බව පවසමිනි. පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය. එය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි. එම…

Read More

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී මියගොස් තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද දෙරණට ප්‍රකාශ කළේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව (27) පරීක්ෂණයක් පවත්වන බවය. එතෙක් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

Read More

වගා හානි සඳහා වන්දි ලබාදීමේදී ගොවීන් වියදම් කළ සියල්ල තක්සේරු කර වන්දි ගෙවීම සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. නියඟයෙන් වී වගාවට හානි සිදුවූ අම්බලන්තොට ලියන්ගස්තොට ගොවීන් හමුවීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (26) දහවල් පැමිණ තිබුණි. එහිදී අදහස් දැක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය. “මේ එක ගොවියෙක් රුපියල් 150,000කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා අක්කරයක් වෙනුවෙන්. සියල්ල තක්සේරු කරලා මේ ගොවීන්ට වන්දියක් ගෙවන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත්කරන්න කියලා අපි ඉල්ල සිටිනවා.” මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ගොවීන්ට දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා…

Read More

මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඊයේ (26 රාත්‍රී කාලයේ දී වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මින්නේරිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරනවිට ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 27 හැවිරිදි රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩිතැබීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන බෙහෙත් කොටන තුවක්කුව ද සමඟ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (27) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මින්නේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මොනරාගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මාවනැල්ල, කොළඹ පෞද්ගලික බස් රථයක් කොළඹ නුවර මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට ලක් වී තිබේ. අද (26) උදැසන මාවනැල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති අතර, බස් රථය කෑගල්ල, මොළගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක් ව ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මඟීන් ද සිට ඇති නමුත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බව සඳහන්ය. මෙම අනතුර, පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇතිවූ අරවුලක් මත සිදුවූ එකක් බව සිදුවීම ඇසින් දුටු අය පවසති. මහනුවර සිට පානදුර දක්වා උදෑසන 05.35ට මහනුවරින් පිටත් වූ පෞද්ගලික බස්රථය මාවනැල්ල ප්‍රදේශයේ දී අනතුරට…

Read More

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව වාර්තා වේ. මේ වනවිට වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවල දී විදෙස්ගත වන බව වාර්තා වී ඇත. කෙසේ වෙතත් දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ පවතින තත්ත්වය හමුවේ යළි ‍දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බව සඳහන්ය. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ…

Read More