Author: LFN

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසට මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම්දෙයි කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ දැනුම්දීම සිදුකළේය. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව කථානායකවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව…

Read More

තලංගම, රොබට් ගුණවර්ධන මාවතේ, කොරාඹේ ප්‍රදේශයේදී අද (25) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් ඇත. වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 44 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකි.

Read More

රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධ බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 25 ) පැවසීය. මෙය බරපතළ අවදානම් තත්වයක් බවද ඔහු කීවේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය. රටපුරා බොහෝ රෝහල් වල නිර්වින්දන ඖෂධ නැහැ.නුවරඑළිය රෝහල ඊට උදාහරණයක්.ශල්‍යකර්ම කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තව කාලය නැහැ. ශල්‍යකර්ම නතරවීම සම්බන්ධයෙන් රජය දෙන විසඳුම කුමක්ද.

Read More

බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Read More

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත අතර එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. මේ හේතුවෙන් ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර ඇති බව සඳහන් ය.

Read More

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට ගොඩබෑම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කළ ලෝක නායකයින් සියලුදෙනාටම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තූතිය පළකර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා නිකුත් කර තිබූ සුභපැතුමට පිළිතුරු දෙමින් ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ මෙම ඉන්දියාවේ අභිමානය පමණක් නොව මානව උත්සාහයේ සහ නොපසුබට වීර්යයේ පහනක් බවය. යුරෝපා සංගමයේ සභාපතිවරයාගේ සුබපැතුමට ස්තූති කළ ඉන්දීය අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දියාව සියලු මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා ගවේෂණය, ඉගෙනීම සහ බෙදාගැනීම අඛණ්ඩව සිදු කරන බවය. ඉන්දීයාව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ස්පාඤ්ඤයෙන් ද සුබපැතුම් එක්කර තිබුණි. එහි දක්වා ඇත්තේ විද්‍යාවේ බලය තුළින් ඉන්දියාව දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් කැපවී සිටින බවය. මීට අමතරව රුසියානු ජනාධිපති, අමෙරිකාවේ උප…

Read More

සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හීත් ස්ට්‍රික් මිය ගිය බවට පැතිර ගිය පුවතකින් ක්‍රීඩා ක්ෂේත්‍රයම ඊයේ උදෑසන කනගාටුවට පත්වුණත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව පසුව අනාවරණ වී තිබුණි. සිම්බාබ්වෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රික් පිළිකා රෝගයකින් පීඩාවිඳින අතර ඔහු මියගිය බවට පුවතක් ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවි ඇතුළුව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි. ඒ, සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන්නෙක් වන හෙන්රි ඔලොන්ගා හීත් ස්ට්‍රික්ගේ මරණය පිළිබඳ ශෝකය සටහන් කර තිබූ එක්ස් පණිවුඩයක් උපුටා ගනිමිනි. කෙසේවෙතත් එම පුවත වාර්තා කර පැය කිහිපයකට පසු හෙන්රි ඔලොන්ගා සිය එක්ස් ගිණුමේ පළකර තිබූ පළමු පණිවුඩය ඉවත් කරමින් සඳහන් කර තිබුණේ හීත් ස්ට්‍රික්…

Read More

නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම හරහා රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ත්‍රීකුණාමලය ගුවන් හමුදා කදවුරේ ඊයේ (24)පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද…

Read More

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, දිවයින පුරා සියලු රජයේ රෝහල්වල ඊයේ (24) උදෑසන 08 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය. ඒ, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් නවතා දැමීම සහ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගනිමින් වෘත්තිය සමිති මර්දනය කිරීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල්කරගනිමිනි. වර්ජනය සඳහා විකිරණ, රසායනාගාර සේවා, ඖෂධවේදී, භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක යන වෘත්තිය සංගම් 5 එක්වී තිබේ. හෙට උදෑසන 08 දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමක් බව වාර්තා වෙයි. වැඩවර්ජනය හේතුවෙන් පළාත් රෝහල් ඇතුළු සෙසු රෝහල්වල ප්‍රතිකාර…

Read More