Author: LFN

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

Read More

චීන කොටස් වෙළෙඳපොළ කොටස් මිල ගණන් ඊයේ දිනයේ මාස 09 කට පසුව අවම මට්ටමකට ළගාවී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ චීනයේ මුදල් ඒකකය වන යුවාන් හි අගය ද අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බවය. එමෙන්ම චීනයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ආයෝජකයින් දක්වන උනන්දුව අඩුවීම හා ඒ ඔස්සේ ගලා එන ආයෝජන අඩුවීම ද චීන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව ආයෝජකයින් තුළ සැක මතුකර ඇත්තේ ආර්ථිකය යළි පෙර තිබූ පරිදි ශක්තිමත් කිරීමට චීන රජයට හැකි වේද යන්න පිළිබඳවය. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ දේපොළ වෙළෙඳාම් අංශය ද පෙර නොවූ විරූ ණය…

Read More

සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 ඊයේ (23) සන්ධ්‍යාවේ සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතයි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 06.04ට එම ඓතිහාසික අවස්ථාව උදාවන බවයි. සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ අවස්ථාව උදා වී තිබේ. හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ. චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි. චන්ද්‍රයාන් 3,…

Read More

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබේ. එම උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. මෙම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට…

Read More

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කරයි. පසුගිය වර්ෂය තුළ HIV ආසාදිතයන් 607 දෙනෙකු හදුනාගෙන ඇති බව එම වැඩසටහන සඳහන් කර ඇත. ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බව ද ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගයනි දිල්රුක්ෂි හෙවත් “කුඩු ගයනි” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුන්ඩසාලේ පිහිටි සුවිසල් නිවස රාජසන්තක කිරීම සඳහා ක්‍රියාවිරහත කිරීම ඊයේ සිදුකර තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් මෙම ක්‍රියාවිරහත කිරීම සිදුකර ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය විසින් 2019 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදලින් මෙම නිවස ඉදිකර ඇතැයි පැවසෙන අතර, මේ වනවිටත් ඉදිකරමින් පවතින අදාළ නිවසේ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බවය. නිවස ඉදිකිරීම සඳහා මුදල් ඉපැයූ ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන් එය මෙලෙස ක්‍රියාවිරහිත කළ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

Read More

මේ වසර අවසාන වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කෝප් කමිටුව හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙරට පළමු පෙළේ විශ්වවිද්‍යාල පහම පසුබෑමට ලක්ව ඇති බවය.

Read More

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස 11ක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුගේ සිරුර බන්ධනාගාරය තුළ තිබියදී සොයාගෙන තිබේ. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරුගේ සිරුර සරමකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි. මෙලෙස මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

Read More

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බවය. හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More