Author: LFN

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින්…

Read More

රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස පිහිණුම් තටාකයට ඇතුළු වී ඇත්තේ කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකි. අප කළ විමසීමක දී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, සංජිවනි ගිනිගද්දර මහත්මිය සඳහන් කර සිටියේ, සිසුන් විසින් උපදෙස් පිළිනොපැද අනාරක්ෂිතව හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නමැති අවුරුදු 21ක කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවා ඉතා කෙටි කාලයක් තුළ මිහින්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත…

Read More

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබේ. ඒ අනුව, එම තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read More

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ. ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති…

Read More

අද (28) උදෑසන කඳාන දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ලොරියේ බදේ දුම්රිය ගැටී ඇති බවය. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Read More

ලබන වසරේ (2024) අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය (28) සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙවර අයවැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු සහ ඒ ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

Read More

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19 ක පවුල් 84646කට අයත් 291720 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. දැඩි නියඟය හේතුවෙන් තවදුරටත් වැඩිම බලපෑම උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23688 කට අයත් පුද්ගලයන් 75607 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18991 කට අයත් පුද්ගලයන් 63265 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින…

Read More

නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ඉඩම් ලබාදී ඇති බවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබූ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් වනජීවී දොර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නැවත ගැසට් කර තිබෙන බවටද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3065 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මඟින් ඉඩම් අක්කර 265ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කය…

Read More

මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක හදිස්සියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ඇති අතර මද වේලාවක දී ඇයට අසනීප වී…

Read More

මහනුවර නගර සීමාවේ රජයේ පාසල් (28) සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව 28, 29 සහ 31 යන දින තුන තුළ මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙන අතර සැප්තැම්බර් මස පළමුවනදා එම පාසල් විවෘත කෙරෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. පාසල් නිවාඩු ලබාදෙන දින වෙනුවට ඉදිරි සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසීය. ලබන සතියේ නිවාඩු ලබාදෙන…

Read More