Author: LFN

පසුගිය ජුනි මාසය අවසානයේ ගොඩනැගුනු අසම්පූර්ණ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රුසියානු වැග්නර් සන්නද්ධ කුළී බළකායේ නායක යෙව්ගෙනි ප්‍රිගෝසින් වීඩියෝ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ. වැග්නර් බළකායට අයත් ටෙලිග්‍රෑම් නාළිකා ඔස්සේ සංසරණය වූ එම වීඩියෝ පටය බොහෝදුරට අප්‍රිකාවේ රූගත කර ඇති බව විශ්වාස කෙරෙයි. ඒ අනුව වැග්නර් බළකායේ නායකයා දැන් අප්‍රිකාවේ සිටින බවට ඉඟිකෙරෙන බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය. අප්‍රිකාවේ ගැටුම් පවතින රාජ්‍යයන්හි වැග්නර් බළකායේ ක්‍රියාකාරකම් මීට පෙර වාර්තා වී තිබූ අතර, ඔවුන් දැන් සිදුකරන මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත. නව වීඩියෝ පටයේ ප්‍රිගෝසින් කාන්තාර ප්‍රදේශයක කැමෆ්ලාජ් නැත්නම් කැලෑ ඇඳුමකින් සැරසී රයිෆලයක් අතැතිව සිටි අතර ඔහු අසල තවත් සන්නද්ධ…

Read More

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර අදාළ සියලු ආයතනද ඊට සම්බන්ධ කරගැනීමට නියමිතය.

Read More

සුවසැරිය ගිලන් රථයේ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්වය. බේරුවල පොලීසිය සඳහන් කළේ, නොසැලකිලිමත් භාවය සම්බන්ධයෙන් ගිලන් රථයේ රාජකාරී කළ අයට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බවය. ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ඉකුත් 20 වනදා පස්වරුවේ මුහුදේ දී රෝගීවී තිබුණි. ඒ බව දැනුම්දීමෙන් පසු 1990 සුවසැරිය ගිලන් රථයක් කඩිනමින් චීන වරාය වෙත ළඟාවී ඇත. අසනීපවී සිටි ධීවරයා රැගත් යාත්‍රාව නවත්වන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් නතරකර තිබී ඇති බැවින් අදාළ යාත්‍රාව ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ගතවී තිබුණි.…

Read More

ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවෙනි. ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන් ය. ඊට හේතුවී ඇත්තේ…

Read More

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුවෙක් ඇතුළු වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් 15කට ආසන්න පිරිසක් කඳවුර තුළදී අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවට වාර්තා වූ බවය. මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීම සඳහා ගොස් තිබූ ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් සහ ඔවුන් කැටුව ගිය වැඩිහිටියන්ය.

Read More

හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබේ. පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

Read More

නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි. වගා හානියෙන් ගොවීන් 41,402 ක් අගතියට පත්ව තිබේ. වැඩිම බලපෑම් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,286 කට විනාශ වී ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 27,904කි. දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය. එම කලාපයේ කුඹුරු අක්කර 14,667 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 5,867කි. වී වගාවට පමණක් සෙසු බෝග වගාවන්ටත් වියළි කාලගුණය දැඩි බලපෑම් එල්ලකර තිබේ.…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

යම් අයෙකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් එවැනි ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය…

Read More

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය උතුරු, උතුරුමැද සහා නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට හෙට (23) දහවල් 2.30 දක්වා බලපැවැත්වේ. ඒ අනුව එම ප්‍රදේශයන්ට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More