Author: LFN
අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශය විද්‍යාලයක ගුරුවරියක් වන 36 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ වයස අවුරුදු 8ක දියණියයි. ඔවුන් රාජාංගනය, දාහතර කොලනිය ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ. ස්කූටි වර්ගයේ යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී පසුපසින් පැමිණි ටිපර් රථයක් එම යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එම ස්ථානයේ සිටි පිරිස් අනතුරට පත් ස්කූටි යතුරුපැදියේ ගමන්කරමින් සිටි මව සහ දියණිය කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිට ඇත. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර්…
මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, ඒ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමුව තිබේ. එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පසුගිය දා රැස්වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහි දී මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ටිරාන් අලස් මහතා සඳහන් කළේය. කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඉදිරිපත්…
ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට ගිය අපි ඒ වළට වැටුණු හේතු සොයමින් සිටිමු. තවමත් වළෙන් ගොඩට පැමිණ නැතිව ලිස්ස ලිස්සා ගැට්ටේ එල්ලී අප මේ අර්බුදවලට ඇද දැමුවේ කවුදැයි සොයන්නට ගන්නේ පුදුම වෙහෙසකි. මේසා අර්බුදයක් මත මේ වන විට රටේ ජෛව නාලිය වන තරුණ පරපුර ශ්‍රී ලංකාව ජීවත්ව සිටීමට නුසුදුසු රටක් ලෙස නිගමනයකට පැමිණ ඇත. මේ නිසා ඔවුන් දැන් බලන්නේ නිසි කලවයස ආ විට මොන ක්‍රමයකින් හෝ රටින් පිටවීමය. ඔවුන්ට සිය රටේ සංස්කෘතිය විසින් උරුම කර දුන් සමාජ හර පද්ධතීන් තබා මවුපියන් ගැනවත් හිතන්නට අවකාශයක් නැත. වර්තමානයේ වැඩිහිටි භූමිකාව නිරූපණය කරන බොහෝ දෙනකුගේ එකම අරමුණ වී ඇත්තේ තමන්ගේ තියෙන සේසත විකුණා…
කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණි. කෙසේවෙතත් මේ වන විට සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී ඇති…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) ආරම්භ වේ. කුඹල් පෙරහර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතය. අනතුරුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති. අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු පෙරහර අවසන් වේ. පසුව ජනාධිපතිවරයා වෙත පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බවට දියවඩන නිලමේවරයා සංදේශයක් මඟින් දැනුම්දෙනු ඇත.
දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියඟ තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හත් සිය අනූ අටකි. උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින මෙම පිරිස අයත් වන්නේ රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ මාතලේ යන දිස්ත්‍රික්කවලටය. ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින වැඩිම පිරිස අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ විපතට පත්ව සිටින පවුල් සංඛ්‍යාව 21999කි.…
ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට හිටපු දිසාපති සහ අමාත්‍යංශ ලේකම් දූර දැරූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම සහ ධර්මසේන දිසානායක යන මහත්වරු ද එක් වූහ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී මෙම සමුළුව පැවැත්විණි. මෙම රැස්වීමට පක්ෂ සාමාජිකයෝ අති විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී එම පිරිස ඇමතූ එහි නායක අනුරකුමාර දිසානායක මහතා මෙසේ කීය. තමන්ගේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබනවා. තමන් හෝ තම පක්ෂයේ කිසිවකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නැහැ. එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකියි. එල්ල කරන මඩ සහ අවලාදවලට…
මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙකි. එම දරුවා අධ්‍යාපනප පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් 2021 වර්ෂයේ දී ගණිතය අංශයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇතැයි ද වාර්තා වේ. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී ඇති අතර සිත් තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති. මියගිය සරසවි සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරු බව ද අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රිකුණාමලය වරාය සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීම සඳහා වන මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය (19) ආරම්භ වූ බව නාවික හමුදාව පැවසුවේය. මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ලොව පුරා ප්‍රචලිත ත්‍රිකුණාමලය ස්වභාවික වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවන බව ද නාවික හමුදාව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය…