Author: LFN

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් කොන්දේසිවලින් සියයට 35ක් පමණක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීම සඳහා එම ආයතනය විසින් හඳුන්වාදුන් වැඩපිළිවෙළට අනුව මේ බව අනාවරණය වී තිබේ. මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ සියයට 57ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ඉටුකර ඇත්තේ සියයට 35ක් පමණක් බව වෙරිටේ රිසර්ච් පෙන්වාදෙයි. ඒ අනුව ශ්‍රී ලංකා ඉදිරියට යමින් පවතින්නේ මූල්‍ය අරමුදලට එකඟවූ කාලසීමාවන් අනුව නොවන බව එම ආයතන සඳහන් කරයි. සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර සියයට 71ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු…

Read More

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝට වායු දූෂණය හේතුවෙන් කැස්සක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ලොව දූෂිතම නගරය බවට ජකර්තා නගරය පත්ව ඇති පසුබිමකය. ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරය පසුගියදා ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්විය. ඒ වායු දූෂණය මැනීමේ නිරත ස්විස් තාක්ෂණ සමාගමක් සිදුකළ පර්යේෂණයකදී ය. ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මාසයක පමණ කාලයක සිටි කැස්ස රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව වාර්තා වේ. මෙම රෝගී තත්ත්වයට හේතු සොයා වෛද්‍යවරුන් පරීක්ෂණ රැසක් සිදුකර ඇති අතර, ඔවුන් සැක පළ කරන්නේ ඔහුගේ නිවස පිහිටා ඇති ජකර්තා නුවර පවතින වායු දූෂණය ඊට හේතුවී ඇති බවය. ලොව දූෂිතම නගරය බවට ජකර්තා පත්වීමට පෙර සිටම අගනුවර…

Read More

ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත් කළ ඖෂධයක් භාවිතයෙන් පසු කාන්තාවක් රෝගී වී මියගිය බවට පුවතක් හොරණ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළුණු ඇයට එම ඔසුසැල නිකුත් කර ඇත්තේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බවය. මෙලෙස මිය ගොස් තිබුණේ ඉංගිරිය ඉහළ ඌරගල පදිංචිව සිටි හැට දෙහැවිරිදි පී.එම්.සෝමවතී මහත්මිය යි. අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් කලක සිට පෙළුණු ඇය හොරණ මූලික රෝහලේ සායනයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබුණි. ඒ අනුව ඇගේ රෝග විනිශ්චය වාර්තා ද රැගෙන ඇගේ සැමියා පසුගිය 31 වනදා රෝහලේ සායනයට ගොස් තිබුණේ ඇයට අවශ්‍ය ඖෂධ රැගෙනඒම සඳහාය. එහිදී ඔහුට රෝහලේ සායනයෙන් ඖෂධ…

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩිම කණ්ඩායම සමත් විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය. ඒ අනුව, තරගය ජයගැනීම සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 148 කි. දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය. කුසල්…

Read More

සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බවත් ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් බවත් ඊයේ (19) අති සුඛෝපභෝගී හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. සංචාරක කර්මාන්තය පිළිබඳ වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එහි දී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා, ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම්…

Read More

ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් සිදුකරන වංචා බවයි. එම වංචා පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කර ඇත. ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බවත් මෙය දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා පවසයි. මේ හරහා ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. ලංගම බස් රථයකට ගොඩවූ පසු අනිවාර්‍යයෙන්ම ප්‍රවේශ පත්‍රයක්…

Read More

රේගුව හා සම්බන්ධ තොරතුරු හා විස්තර භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා සඳහන් කරන්නේ, රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් පවා වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවය. නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

මෙරට ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. සාර්ථකව සිදුකෙරුණු ලොකු ලූනු වගාව දැනට වසර හත අටක සිට අසාර්ථක වී ඇති අතර, මේ වනවිට ගොවීන් ලොකු ලූනු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීම සඳහා ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වන අතර, මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් වීම හේතුවෙන් ගතවූ…

Read More

අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. විදේශ රැකියාවල නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 05ක නිවාඩුවක් ලබාදීමට රජය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය. කෙසේවෙතත් අදාළ චක්‍රලේඛයට අනුව මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සිදුකරන අධිකරණ නිලධාරීන්ගේ ඉල්ලුම්පත් සලකා බැලිය නොහැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ, පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට සහ මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී…

Read More

තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි. ණය මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් ක‍රන අතරවාරයේ එක් පුද්ගලයකු මියගොස් තිබේ. මහරගම, නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (19) උදෑසන කාලයේ දී පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 58 වැවිරිදි තලගල, කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මරණකරු විසින් නාවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ණය මුදලක් ලබා දී තිබුණු බව සඳහන්ය. මරණකරු, එම ණය මුදල ලබාගැනීම සඳහා තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් ණය හිමියාගේ නිවසට ගොස් ඇත. දෙදෙනා පැමිණ ණය හිමියාගේ නිවසේ වසා තිබූ ගේට්ටුවට ගසමින් එය විවෘත කිරීමට…

Read More