Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝගීන්ගේ හදිසි පරීක්ෂණ පෞද්ගලික අංශවලින් සිදු කරයි
    Featured

    රෝගීන්ගේ හදිසි පරීක්ෂණ පෞද්ගලික අංශවලින් සිදු කරයි

    By LFNAugust 24, 2023No Comments2 Mins Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දිවයින පුරා සියලු රජයේ රෝහල්වල අද ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් රැසක් පීඩාවට පත්වී තිබේ.

    වර්ජනය නිසා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසැල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.වීජේසූරිය මහතා,

    “පරීක්ෂණ කරන්න සහ ඖෂධ ලබාදෙන්න තමයි ගැටලුවක් ඇති වෙන්නේ. කෙසේවෙතත් ළඟපාත ඔසුසැල් තිබෙනවා නම් ඒ ඔසුසැල්වලින් ඖෂධ ලබාගන්න පහසුකම් සපයනවා. ඉතාමත් හදිසි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා ඒ අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ බාහිර පෞද්ගලික ස්ථානයකින් ඉටුකරගෙන එම මුදල් රජය මගින් ගෙවීම සඳහා කටයුතු කරනවා.”

    මේ අතර මෙලෙස වර්ජනය ක්‍රියාත්මක වන අතරවාරයේ තම ඉල්ලීම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබුණි.

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දිවයින පුරා සියලු රජයේ රෝහල්වල අද උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.

    ඒ, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් නවතා දැමීම සහ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගනිමින් වෘත්තිය සමිති මර්දනය කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමිනි.

    හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමකි.

    මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණි.

    කෙසේවෙතත් මාතෘ, ළමා, පිළිකා සහ වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.