Author: LFN

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් කතානායකවරයා හමුවීමට තීරණය කර ඇතැයිද ඇය සඳහන් කළාය. මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට ස්තුතිය පුද කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් කළ යුත්තේ මාධ්‍ය හෙළිකළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අනාවරණය කරගෙන ඔවුනට දඬුවම් කිරීම බවද ප්‍රකාශ කළාය. මේවා හෙළි කළ මාධ්‍ය පසුපස හඹා යෑම නොකළ යුතු බවද ඇය සඳහන් කළාය. සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා ප්‍රධානියකුගේ…

Read More

අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. පාසල් තුළ පවතින පුරප්පාඩු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණයට එළමි බවත් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කීපයකදී ගුරුවරු දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ (18) මාධ්‍යට පැවසීය. නාමයෝජනා හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලඥායන් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිවී ඇති බවත් ඒ හේතුවෙන් නාමයෝජනා පිළිබඳව හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එදිරිමාන්න මහතා කීය. තවද මැයි 9 වැනි අරගලය අවස්ථාවේදී විනාශයට පත්වූ ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළ වෙනුවෙන් වන්දි…

Read More

ගතවූ මාස 06ක කාලය තුළ හම්බන්තොට මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු රටින් පිටවී ගොස් තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව නිවේදනය කරන අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයකු ද විශ්‍රාම ගෙන රටින් පිට ව ගොස් ඇති බව ඔවුන් සඳහන් කරයි. එම වෛද්‍යවරයාගේ අඩුව පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපොහොසත් වී තිබෙන බව ද එම සංගමය සඳහන් කර ඇත. මේ හේතුවෙන් ශල්‍යකර්ම කිරීමට නියමිත රෝගීන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් එම රෝගීන් විවිධ රෝහල්වලට ගෙනයාමට දැනට සිදුවී ඇති බවත් වාර්තා වෙයි. මෙම ගැටලු නිරාකරණය නොවුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට පවා…

Read More

සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ ඊයේ (18) සමාව අයැද සිටියහ. ඒ, රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් බැහැදකිමිනි. ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන විටත් සිටින්නේ දිවයිනෙන් බැහැරවයි. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති පසුබිමකය. එමෙන්ම ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේවගැතිවරයා සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටියි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම නිසා විශේෂ ප්‍රතිකාර සඳහා දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමුකිරීමට සිදුව තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ, ශල්‍යාගාර පහසුකම් සහ දැඩි සත්කාර පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා හෘද සැත්කම් සඳහා දීර්ඝ පොරොත්තු ලේඛනයක් නිර්මාණය වී ඇති බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.යූ. රංග මහතා පැවසුවේ, ළමා හෘද කැතීටකරන ඒකකය තුළ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම සේවයෙන් ඉවත් වී ඇති බවයි. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දරුවන් විශේෂ ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකරන බව වාර්තා වෙයි.

Read More

මාස 06ක් සඳහා මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ. කොන්දේසි තුනකට යටත්ව ඊට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේය. එම කොන්දේසි අනුව කුසලතා පදනම මත විදුලිය මිල දී ගත යුතු අතර, ගිවිසුම් කාලය අවසානයේ එම මිල දී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් ද සිදුකළ යුතු වේ. අවම පිරිවැය මත එම විදුලිය මිල දී ගැනීම සිදුකළ යුතු බවත් එහි සඳහන්ය. එමෙන්ම කොත්මලේ,පොල්පිටිය රැහැන මෙම අගෝස්තු 31 වනදාට පෙර සක්‍රීය කළ යුතු වීමත් එහි එක් කොන්දේසියකි.

Read More

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චිත්‍රපට රංගනයට එක්වන බවට වූ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් පවතී. එම වාර්තා සඳහන් කර ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි සමග චිත්‍රපටයකට රංගනයෙන් එක්වනු ඇති බවය. කෙසේ වෙතත් එවැනි නිර්මාණයක් පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා නිකුත් නොවීම ද විශේෂත්වයකි. දකුණු ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුවිශේෂී චිත්‍රපටය එළඹෙන වසරේදී නිකුත්වනු ඇති බවය. එය දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන වෙන්ක්ට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි. මේ අතර මේ වනවිට මහේන්ද්‍ර සිං ධෝනි විසින් Dhoni Entertainment නම් නිෂ්පාදන ආයතනයක් ද…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව වාර්තා වේ. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන්ය.

Read More

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපතිවරයා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවකදීය. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාමයේ උප ජනාධිපති ‘ට්‍රාන් ලු ක්වාං’ මහතා අතර හමුවක් පවත්වා තිබිණි. එහි දී දෙරට අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳ සොයාබලන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති…

Read More