Author: LFN

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති උත්සවයකදීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක්. බදු ආදායම බදු ප්‍රතිශත ඉහළ නැංවීම මගින් පමණක් ඉහළ නැංවිය හැකිවන්නේ නැහැ. බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය ගැන රජයක් වශයෙන් අපට සතුටු වෙන්න බැහැ. මේ නිසා බදු පරිපාලනය ශක්තිමත් කරලීමට අප පියවර ගන්නවා.” ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද…

Read More

දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග්, “අතිශය ප්‍රගතිශීලි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීමට මෙරට ජාතික අධ්‍යාපන අයවැයෙන් විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නැංවීම කඩිනම් අවශ්‍යතාවක් වී තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට අඩු ප්‍රතිශතයක්. එය 4%ත් 6%ත් අතර වන ජාත්‍යන්තර සලකුණු දර්ශකයට බෙහෙවින් අඩු අගයක්. මේ නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයා දිරිගන්වමින් ඉල්ලා සිටිනවා.. අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස.”

Read More

හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇත. ඊ රාත්‍රී 8.30ට පමණ හටගත් ගින්න මේ වනවිටත් පවතින බවට තොරතුරු වාර්තාවෙයි. කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරීශ්‍රමයක් දරමින් සිටියි.

Read More

මෙවර LPL තරගාවලියේ තීරණාත්මක තරගයකින් ජයගත් කැන්ඩි කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනු ඇති. ඉන් ජයගන්නා කණ්ඩායම LPL අවසන් තරගයේදී දඹුල්ල කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති අද තරගය කැන්ඩි කණ්ඩායම ලකුණු 61කින් ජයගැනීමට සමත්විය. ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි. එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිඳ හෙළමින් තරගයේ ජය කැන්ඩි කණ්ඩායම වෙත ගෙන ආවේය. ඒ අනුව මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට…

Read More

අද (18) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ත් 45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

Read More

මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ (17) අනුමැතිය ලබාදී තිබේ. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වනදා සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. එම කොන්දේසි 3 පහත දැක්වේ, 1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය. 2. කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024…

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලැබීම තුළින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි. දුෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.…

Read More

කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි. මේ පිහි ඇණුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ එකොළොස් වැනි වසරේ ශිෂයකු බව ද පොලීසිය කියයි. පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම දොළොස් වැනි වසරේ ශිෂයයකු බවද පොලීසිය කියයි. මේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි. පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, විශේෂයෙන් වියළි කාලගුණයෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික් 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක ජනතාවට මුහුණ දීමට සිදු ව ඇති බවයි. ඒ අනුව එම ප්‍රදේශවල පවුල් 54,979කට අයත් පුද්ගලයන් 183,038 දෙනෙකු පීඩාවට පත් ව තිබේ. උතුර පළාතේ පමණක් පුද්ගලයන් 75,287 දෙනෙකු පීඩාවට පත් ව ඇති අතර, ඉන් 70,238 දෙනෙකුම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර, පානීය ජල හිඟයෙන් බලපෑම් එල්ල වූ පවුල් 52,400ක පිරිසක් සඳහා පානීය ජලය සැපයීමේ කටයුතු සිදුකර ඇති…

Read More

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි. කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මහතා, “කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.” සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා මහතා, “ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු…

Read More