Author: LFN

කොළඹ දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල සහ මහරගම ඇතුලු ප්‍රදේශ රැසකට එළඹෙන 19 වනදා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පැවසීය. ඒ අනුව ලබන 19වන සෙනසුරාදා පෙරවරු 8 සිට 20වන ඉරිදා අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Read More

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (16) දහවල් වත්තල පොලිස් වසමේ දී ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකළ බවය. එහිදී අවේක්ෂණ රාජකාරියකින් පසුව උපාය දූතයෙක් හට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38,000ක මුදලකට විකිණීමට යෑමේදී සැකකාර පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී එම තහනම් උත්තේජක නීතිවිරෝධී ලෙසට මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳව අනාවරණය වී තිබේ. එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල…

Read More

වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කරෙන කම්කරු නීතිවලට එරෙහිව සියලු දෙනා විරෝධය පල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. යෝජිත කම්කරු නීතිවලට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අත් පත්‍රිකා බෙදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා, ”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට අද රටේ කම්කරු නීති 13ක් එක පොකුරට ගෙනල්ලා, සංශෝධනය කරලා රටේ කොහෙවත් නැති පැය 08 වැඩ දිනය අහෝසි කරලා ලංකාවෙ නෙවෙයි ලෝක ඉතිහාසයේ මිනිස්සු සටන් කරලා දිනාගත්ත, තහනම් කරලා තිබුණ නීති සංශෝධනය කරලා, කාන්තාවන්ගෙන් රාත්‍රී සේවය ගන්න, දරුවන්ගෙන් වැඩ ගන්න, අතිකාල නැතුව වැඩගන්න අලුත් නීති ගේන්න…

Read More

සියදිවි නසා ගැනීම (Suicide) පිළිබඳ සාකච්ඡා කළ හැකි සංදර්භයන් කිහිපයක්ම හඳුනාගත හැක. මූලික වශයෙන් ගතහොත් ලොව ඇති සෑම ආගමික භාවිතාවකම පාහේ, සියදිවි නසා ගැනීම පාප කර්මයක් නොඑසේ නම්, නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. බහුතරයක් බෞද්ධයන් වෙසෙන ලාංකේය සමාජ සංදර්භය තුළ මෙම මාතෘකාව බරපතළව සංවාදයට ලක්වන අතර, බුදු දහමේ ඉගැන්වීම් තුළ දිවි නසා ගැනීම පැහැදිලිවම නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. සත්ත්වයාගේ ජීවිතය, ආත්මය හෝ භවය තුළ ඇති උපයෝගිතාව නොඑසේ නම් ළගා විය හැකි උපරිම ස්ථානයට ළඟා නොවී අකාලයේ ජීවිතය හැර යාම නොකළ යුත්තක් බව එහි සඳහන්ය. සනාතන විමුක්තිය ලැබීම සත්ත්වයාගේ ඉහළම ජයග්‍රහණය බව බුදුදහම අවධාරණය කරයි. එබැවින් කිසිවකුට හිතාමතා ජීවිතයෙන් පළා…

Read More

යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමාවට ඇතුළුවීමට උත්සාහ කළ යුක්‍රේන සටන්කාමීන් සිව්දෙනෙකු රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අංශ පැවසුවේ යුක්‍රේන ඔත්තුකරුවන් විසින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රහාරය එල්ල කළ බවය. මීට පෙර අවස්ථාවකදී ද යුක්‍රේන සටන්කාමීන් රුසියානු දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට රුසියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. මේ අතර රුසියාව අත්පත් කරගෙන සිටි යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට අයත් ගම්මානයක් ඉන් මුදා ගැනීමට කටයුතු කළ බව යුක්‍රේනය පවසයි. යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා විසින් ඊයේ (16) දිනයේ මේ පිළිබඳ තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.

Read More

චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය. කෙසේවෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉහළ යන විරැකියාව සැඟවීමට චීනය සංඛ්‍යාලේඛන නිකුත් කිරීම නතරකර ඇති බවය. චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ නිවේදනය කර ඇත්තේ වයස් කාණ්ඩය අනුව විරැකියාව පිළිබඳ මෙම මාසයට අයත් දත්ත නිකුත් කිරීම නතර කරන බවය. ඒ අනුව චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියාව තවදුරටත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි අනුමාන කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. චීනය අවසන් වරට විරැකියා දත්ත ඉකුත් ජුනි මාසයේදී නිකුත් කර තිබූ අතර එම දත්තවලට අනුව චීනයේ වයස අවුරුදු 16 සිට 24 දක්වා වූ තරුණ…

Read More

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඉදිරි සතියක කාලය තුළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වුවහොත් එළැඹෙන 23 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් පසු දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට තීරණය කර ඇති බව එම සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි නිලයන් මඟහරිමින් ඉහළ නිලධාරීන් සමඟ ගනුදෙනු කරන වෛද්‍ය ජී.විජේසූරිය මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව රජයේ…

Read More

දැනට පවතින දේශගුණික විපර්යාස හේතුවෙන් තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මේ හේතුවෙන් පවතින තත්ත්වය තුළ මේ මොහොතේ සිටම ඊට සුදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකර අනාගතයට ගමන් කළ නොහැකි බවයි.

Read More

මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර තිබේ. දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදු කළ තක්සේරු කිරීම්වලට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි. දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයට බව හඳුනාගෙන තිබේ. එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට…

Read More