Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට වැටුන හැටි හොයනවාට වඩා හොඳ පාරට ගැනීමට වැඩ කරමු
    Featured

    රට වැටුන හැටි හොයනවාට වඩා හොඳ පාරට ගැනීමට වැඩ කරමු

    By LFNAugust 21, 2023No Comments3 Mins Read15 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට ගිය අපි ඒ වළට වැටුණු හේතු සොයමින් සිටිමු. තවමත් වළෙන් ගොඩට පැමිණ නැතිව ලිස්ස ලිස්සා ගැට්ටේ එල්ලී අප මේ අර්බුදවලට ඇද දැමුවේ කවුදැයි සොයන්නට ගන්නේ පුදුම වෙහෙසකි.

    මේසා අර්බුදයක් මත මේ වන විට රටේ ජෛව නාලිය වන තරුණ පරපුර ශ්‍රී ලංකාව ජීවත්ව සිටීමට නුසුදුසු රටක් ලෙස නිගමනයකට පැමිණ ඇත. මේ නිසා ඔවුන් දැන් බලන්නේ නිසි කලවයස ආ විට මොන ක්‍රමයකින් හෝ රටින් පිටවීමය. ඔවුන්ට සිය රටේ සංස්කෘතිය විසින් උරුම කර දුන් සමාජ හර පද්ධතීන් තබා මවුපියන් ගැනවත් හිතන්නට අවකාශයක් නැත. වර්තමානයේ වැඩිහිටි භූමිකාව නිරූපණය කරන බොහෝ දෙනකුගේ එකම අරමුණ වී ඇත්තේ තමන්ගේ තියෙන සේසත විකුණා හෝ දරුවන් පිටරටකට තල්ලු කිරීමටය. එය අද මේ සමාජය තුළ අනවරතව සිදුවෙමින් පවතින සංසිද්ධියක් වී ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කවුරුන් හෝ ලංකාව මත සල්ලි වැපිරුවද අද රට බංකොලොත් වීමේ පාඩුව ආපසු හැරවිය නොහැකි එකක් වන්නේ එතැනය. අද රටේ සංවර්ධනය හෝ යහ ප්‍රතිපත්ති ගැන කවර සැලසුමක් ඇන්දද ඒවා ක්‍රියාත්මක කරන්නට සිදුවන්නේ බොහෝ විට වර්තමානයේ නව යොවුන් විය ගත කරන, එසේ නැතිනම් පාසල් යන දරුවන් අතින්ය.

    මේ පරපුර අද ශ්‍රී ලංකාවේ අනාගතයක් ගැන කල්පනා කරන්නේ නැත. එසේ කල්පනා කිරීම සාධාරණීකරණය කිරීමට තවමත් පසුබිමක් නිර්මාණය වී ඇත්තේද නැත.

    මේ තත්ත්වය තුළ අප වැටුණු වළෙන් ගොඩ ඒමට දැනට තබා ඇති ඉණිමං, ආධාරක කොතෙකුත් දුරට ශක්තිමත්ද යන්න පිළිබඳව ලොකු ගැටලුවක් ඇත.

    රටක් ජාතියක් ලෙස අප මේ අර්බුදයක ලක්ව ඇත්තේ හුදෙක් හොඳටම කරන්නට පැමිණි පාලකයන් නිසාම නොවේ. ඔවුන් පාලකයන් බවට නිශ්චය කිරීමේ වැරැදි තීන්දුව, ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින ඊනියා ඡන්ද බලය මතින් ලබාගත් රටේ ජනතාවද නොඅඩුව වගකිව යුතුය. එසේම පාලකයන් ගන්නා තීරණවලට වැරැදි මඟ පෙන්වීම් සිදුවන අවස්ථාවලදී නිලධාරිවාදය මෙන්ම සිය වෘත්තීය ධූරාවලිය පිළිබඳව හෝ ආත්මාර්ථයන් පිළිබඳව හීනමානයෙන් පෙළෙන වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායමද වගකිව යුතුය. මේ කුලකයන් තුළ අපේ රටේ ගුරු දෙගුරුන්ගේ නියෝජනයක් නිතැතින්ම ඇත.

    සියලු කටයුතුවලදී අද වෘත්තීයමයභාවය පිරිහී ඇත. එය සිදුව ඇත්තේ හුදෙක් අධ්‍යාපනයේ හෝ දැනුවත්භාවයේ අඩුවක් නිසා නොව, මේ අධ්‍යාපනික පද්ධතිය තුළ පවතින වටිනාකම් සහ වටිනා ආකල්ප හීන වී යෑමය. පශ්චාත් නූතනවවාදී ඇමරිකනු ග්‍රන්ථ රචකයකු වන විලියම් එස්. බර්රොස් පවසන්නේ, අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ හුදෙක් කරුණු පිළිබඳව දැනුමක් ලබා දීමට වඩා ගුණාත්මක භාවය පිළිබඳව දැනුමක් ලබාදීම බවය. එසේ වුවහොත් ජාතියකට ඉදිරියක් ඇති බව ඔහු පවසා ඇත.

    මේ කරුණ මේ ඇමරිකනු ලේඛකයා පමණක් නොව, වැටී තිබුණු රටවල් දියුණු භාවයට පත් කළ නායකයන් ගණනාවක් සිය ප්‍රතිපත්ති තුළින් දියත් කර ඇත. ජපානය, සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව පමණක් නොව භූතානය පවා දෙපයින් සිටගෙන ඉන්නේ මේ අධ්‍යාපන පද්ධතියේ ගුණත්වය පිළිබඳව තිරව පිහිටා කටයුතු කළ නිසාය. අති සංකීර්ණ භාරතය තුළ පවා මේ වනවිට ජනතාවගේ අධ්‍යාපන මට්ටම වර්ධනය කිරීම සහ එය ඔවුන්ගේ පුද්ගල සංවර්ධනය සහ සමාජ සංවර්ධනයේ ප්‍රගමනය වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් සිදුව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.