Author: LFN

ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් ඊයේ (16) වාර්තාවිය. මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ ෆෙයා වර්ගයට අයත් මැණිකකි. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම මැණික රුපියල් කෝටි 43කට අලෙවි වී ඇති බවටය. මෙම මැණික කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී තිබේ. මෙලෙස හමුවී ඇති මැණික කැරට් අනූනවයකින් යුක්ත වන බවද වාර්තා වෙයි. මැණික රුපියල් කෝටි 43කට මිලදීගෙන ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකි.

Read More

කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ඊයේ (16) පස්වරුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේ. ඒ, රෝගීන් බැලීමට පැමිණි පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අතරය. යකඩ පොලු, ඉදල් භාවිත කරමින් මෙම ගැටුම ඇතිවී තිබූ අතර තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. රෝගීන් බැලීමට පැමිණි අයෙක් සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් එලෙස රෝහල්ගත කර ඇති බවද පැවසෙයි. නේවාසික රෝගියෙකුගේ සුවදුක් බැලීම සඳහා පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් ඇතුළුවීමට යෑමේදී ඇතිවූ කතාබහක් මෙලෙස ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. පුද්ගලයින් 15කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධවී ඇති බවද වාර්තා වෙයි. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාම නාගොඩ මහ රෝහලේ එකම…

Read More

ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊයේ (16) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා ඒ බව සඳහන් කළේය. ඒ අනුව, ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරේ. ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළට. ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළට. ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කෙරේ. ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළට. ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

ඖෂධයක් ආසාදනයවීම හේතුවෙන් 11 හැවිරිදි දැරියකගේ පෙනීම දුර්වලවී ඇති බව කියන පුවතක් රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයෙන් වාර්තා විය. හුණුවල ධර්මරාජ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිමන්සා සත්සරනි මෙම සිද්ධියට මුහුණ දී තිබේ. ඇය රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන අතර ඉගෙනීමටද දක්ෂ දරුවෙකි. නිමන්සා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඖෂධ ලබාගෙන තිබුණි. එම ඖෂධ භාවිතයට ගැනීමෙන් පසු ශරීරය පුරා තුවාල හට ගෙන ඇති බව ඇයගේ මව්පියන් පවසයි. පසුව අදාළ රෝගය සඳහා ඖෂධ ලබාගත් වෛද්‍යවරයා වෙත දැරියව යළිත් රැගෙන ගොස් තිබේ. ඉන්පසු වෛද්‍යවරයා පවසා ඇත්තේ නිමන්සා සරම්ප රෝගයට ගොදුරුවී ඇති…

Read More

වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. මේ අතර අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය. “වෛද්‍යවරු…

Read More

රාගම පොලිස් වසමේ රාගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ. ඊයේ (15) උදෑසන කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීම අනතුරට හේතු වී ඇත. මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන ලා කහ පැහැති කමිසයකින් හා කොට කලිසමකින් සැරසී සිටි අයෙකි. මෘතශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. උද්ඝෝෂකයින් පවසා සිටියේ 2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බවය. විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බව ද සඳහන් කර සිටින උද්ඝෝෂකයින් එයට නිසි විසඳුමක් බලාපොරොත්තුව සිටින බව ද පැවසීය. කෙසේවෙතත් උද්ඝෝෂකයින් පස්දෙනෙක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවූ බව ද වාර්තාවේ.

Read More

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා සඳහන් කළේ, මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවය. “මෙම ඇගයීම් කටයුතු අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 472,554ක් අයදුම් කරලා තිබුණා. එම අපේක්ෂකයන්ගේ උත්තර පත්‍රවලින් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් ඒ කියන්නේ 90%කට ආසන්න ප්‍රමාණයක් මේ අදියරේ දී ඇගයීමට ලක්කරනවා. මේ දැවැන්ත ක්‍රියාවලිය සඳහා ගුරුවරු 27,500ක් තම දායකත්වය ලබාදීමට සුදානමින් ඉන්නවා. මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවෙනවා. මේ නිසා ඇගයීම් කටයුතු හේතුවෙන් කිසිදු…

Read More

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Read More