Author: LFN
තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අදාළ දුම්රිය සේවය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කරන බවය. මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. එම නිසා ලබන වසර සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව ලේකම්වරයා සඳහන් කළේය. මෙම වසරේ ජුනි මස 30 වන දිනට නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් රාජ්‍ය සේවයේ බඳවා ගැනිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්තයෙන් යුතුව පත් කළ නිලධාරී කමිටුවේ නිර්දේශ අනුව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රතිපාදන බඳවා ගැනීමේ ප්‍රගතිය අනුව…
සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත් වේ. නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව කොමිසමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මෙරට සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයක් සඳහාම විශේෂඥ වෛද්‍යවරු සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය ඉවත් කළ හැකි බව විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. එමෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය මානව සම්පත ද මෙරට තුළ ඉතා අවම මට්ටමක පවතින බව එම වාර්තා මඟින් සඳහන් කර ඇත. ජාතික විගණන කාර්යාලය මඟින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙහිදී අදාළ විගණනය මඟින් පෙන්වා දී ඇත්තේ ඕනෑම වසංගතයකට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් සෞඛ්‍ය ආයතනවලට බඳවා ගත යුතු බවය. ජනගහනයේ ව්‍යාප්තිය අනුව ප්‍රමාණවත් වෛද්‍ය…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ. රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර තිබූ අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නැවත පාසල් ආරම්භ වෙන්නේ අගෝස්තු මස 28 වනදාය. අගෝස්තු මස 28 වනදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසලක බිත්ති දෙකක් අතර සිරවී සිටි හත් හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව තිබේ. කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස එම විදුහලේ වැසිකිළියක බිත්තියක් සහ තාප්පයක් අතර සිරවී ඇති බව අනාවරණය වී ඇත. ගිනිනිවන ඒකකය එහිදී උපකරණයක් යොදාගනිමින් තාප්පයට සහ වැසිකිළි පද්ධතියේ බිත්තියට තෙරපුමක් ලබාදී සිසුවිය බේරාගැනීමට සමත්ව ඇත.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද එම මණ්ඩලය දැනුම් දී ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවය. කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන…
තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට සැලසුම් කර ඇති බවට වාර්තාවේ. එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එකම යුධ හමුදා කදවුර මෙලෙස ඉවත් කිරීම සම්බන්ධව ප්‍රදේශවාසින්ට සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පල කරමින් ඊයේ(13) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකර ඇත. මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ගේ අත්සනින් යුතුව ලිපියක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කදවුර කෙසේ හෝ ඉවත් කිරිමේ කටයුතු නවතා දමන ලෙසයි. තවද මෙලෙස උතුරේ යුද්ධ හමුදා කදවුරු ඉවත් කලහොත් තමන්ගේ ජීවිත වලට කිසිම ආරක්ෂාවක්…
තියුණු ආයුධයකින් කපාකොටා දොඩංගොඩ නිවසක් තුළදී අද (14) අලුයම එක්දරු පියෙකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇති තැනැත්තාගේ නිවස අලුත්වැඩියා කරන බැවින් සිය බිරිඳ සහ එකම දරුවා සමග බිරිඳගේ නිවසෙහි රැඳී සිටියදී ඝාතනයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය. අලුයම 2 .30ට පමණ නිවසෙහි ඉදිරිපස සහ පසු දොරවල් කඩා ඇතුළුවූ ඝාතකයින් තියුණු ආයුධවලින් පහරදී ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ. පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා පෞද්ගලික වාහනයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස්…