Author: LFN

වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගිනිඅවි සමඟ මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය 05 වන දින එම නිලධාරීයා රැඳී සිටි බස් රථයට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණි. පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු වැලිගම, මිදිගම සහ අහංගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පහරදීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද එහිදි පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් අවුරුදු 19ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්න් වන අතර සැකකරුවන්…

Read More

සිය දියණිය ඝාතනය කර ඇයගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන දුම්රිය මාර්ගයක් දක්වා රැගෙන ගිය අමානුෂික පියෙකු සම්බන්ධ පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තාකර තිබේ. මෙම අමානුෂික ඝාතනය වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් හි මුචල් නම් ගම්මානයෙනි. සිය 20 හැවිරිදි දියණිය පසුගිය බදාදා (09) දිනයේ කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත දින දෙකකට පසුව නිවසට පැමිණීමත් සමග මෙම පුද්ගලයා මෙලෙස සිය දියණියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. පසුව මෙම පුද්ගලයා දියණියගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන මාර්ගයේ ඇදගෙන යන අයුරු මාර්ගය අසල සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ. ඒ අනුව එම පුද්ගලයාව පොලීසිය විසින්…

Read More

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ. ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති. ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා ඊයේ (13) උදෑසන මියගිය බවය. අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණි. යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූ ඇය එහිදී පිරිමි දරුවකු බිහි කළාය. එහෙත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය…

Read More

චීන පර්යේෂණ නෞකාවක් ලබන ඔක්තෝබර් මාසයේ දී කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට ඇති සූදානම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර තිබේ. ‘ෂී යෑන් සික්ස්‘ නම් චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම නෞකාව නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත බව හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. කෙසේවෙතත් එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනුමැතියක් ලබා දී නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ටොන් 3,999ක බරකින් යුතු ‘ෂී යෑන් සික්ස්‘ නෞකාව චීනයේ ගුවැන්ෂු ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර ඇති අතර එය මේ…

Read More

යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. ” ඉන්දියාවේ අද පාරේ අයිනේ ගිහිල්ලා කඩෙකින් තේ කොප්පයක් ගත්තත් ඉන්දියන් රුපියල් 5ක් ද 10ක් ද එක ගෙවන්නේ ආදාර් කියලා QR සංකේතය හරහා. ඒ ක්‍රමය තව ටිකක් කල් යනකොට ලංකාවටත් එනවා. අපිට අවුරුද්දක් විතර යනවා ඒ මූලික පදනම ඇති කර ගන්න. හැම කෙනෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙනවා. ඒ ජාතික හැඳුනුම්පත් අංකය නෙමේ. ඒ අංකය හරහා…

Read More

විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවය. විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ. මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ. කෙසේ වෙතත් පසු ගිය වසර…

Read More

ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කර තිබේ. මියගිය පුද්ගලයාගේ ඥාතියෙක්, “කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුලේ තිබුණ දදයකට තමා ඉස්පිරිතාලේ ගියේ. ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි 5ක් වත් ගිහිල්ලා නෑ. සෙම දාගෙන වැටිලා තියෙන්නේ. මේක තනිකර නිහඬ මිනී මැරීමක්. ” මියගිය පුද්ගලයාගේ බිරිඳ, “ඒ ඉස්පිරිතාලෙන් ගහපු ඉන්ජෙක්ෂන් එකට තමා නැති වුණේ. ඒ සැකේ තියෙනවා මොනවා නැතත් මට.”

Read More

කිසිදු අධ්‍යයනයකින් තොරව ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. මගී තදබදය වළක්වාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත්ත ද එය ගැටලු සහගත තත්ත්වයක් බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් ගුවන්තොටුපොළින් පිටත් වන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කෙරුණ ද ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකෙරෙන අතර එය ගුවන් තොටුපොළේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද සඳහන්ය.

Read More

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස්රථයක් අනතුරට ලක්ව තිබේ. පොලීසිය නිවේදනය කළේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි දැනට සිදුකළ විමර්ශනවලින් පොලීසියට අනාවරණය වී ඇත. බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More