Author: LFN

සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර ද මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය. සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා, “මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහ ඉතුරු අය අතරේ, මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ඡන්දේ තියන්න ඕනේ ද කියන මතවාදය ගොඩක් මතුවුණා. ඒ අය ඒ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා අපිට සහෝදරත්වයෙන් ගොඩවෙන්න නම්, එකමුතුකම අවශ්‍යයි ආර්ථිකය ගොඩනැඟුණු කළ උතුරේ වගේම දකුණෙත්…

Read More

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එහි පිටපත් සර්වආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායක, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, මානව හිමිකම් කොමිසම, කම්කරු කොමසාරිස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් වෙත යොමුකර ඇත. රට තුළ පැවැති යුද සමයේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් සන්නිවේදන පහසුකම් සැපයූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුනාමි සහ කොවිඩ් තත්ත්වයන්වලදී ද රට වෙනුවෙන් විශාල සේවයක් සැපයූ බව අදාළ ලිපියෙන් පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සන්නිවේදන ජාලය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට…

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ මහතා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ. එම ධුරයේ වැඩ භාරගැනීමට පෙර ජෙනරාල් සී ඩී රණසිංහ මහතා වන්නි ආඥාපති ධුරය හෙබවූයේය. 2009 වර්ෂයට පෙර උතුරු නැගෙනහිර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදී ජෙනරාල් සී ඩී රණසිංහ මහතා 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධුරය හොබවනු ලැබීය. පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1987 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට එක්ව ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි. ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර – නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබිණි. පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් 07 දෙනාට ද…

Read More

කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, “ජාතික වකුගඩු රෝහල ඇතුළු වකුගඩු රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් සම්බන්ධයෙන් ඖෂධවල අඩුවීමක් තියෙනවා. සමහර ඖෂධ ඇත්තෙම නැහැ ඒ තත්ත්වය යටතේ ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. නැවත මේක නැවතුනාට පස්සේ විකල්පය වෙන්නේ…

Read More

දැරණියගල නූරි වතු යායේ වතු අධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවන් 18 දෙනා ඉදිරිපත් කළ අභියාචනා එළඹෙන වසරේ ජුනි මස 03 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊ නියම කර තිබේ. අදාළ අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 2013 වසරේ ජූලි මස 05 වනදා දැරණියගල නූරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණය විසින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික එවත් “අත කොටා” ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබුණි. එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් 18 දෙනා…

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන ලෙස මෝදි අගමැතිවරයාට බලකරමිනි. මෝදි රජය සතුව බහුතර බලයක් පවතින බැවින් එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වෙතැයි අපේක්ෂිතය. පසුගිය මැයි මාසයේ සිට මනිපූර් හි ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයින් 130කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලි බවය. එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද සමගි ජන බලවේගයේ මතයයි. රජය සිය යෝජනා ඉදිරිපත් කළ…

Read More

ඊ (26) දහවල් රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට ත්‍රීරෝද රථයක් කඩා වැදී තිබේ. ඒ, බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී ය. මෙම සිද්ධියෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා අනෙක් නිලධාරියා වැවට ඇදවැටී තිබෙන බව බණ්ඩාරගම පොලීසිය පවසයි. අනතුරෙන් තුවාල ලද පොලිස් නිලධාරියා සහ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරු කෙරුණි. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පොලිස් යතුරුපැදියට ද හානි සිදුවී ඇති බවය. පානදුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබුණි. බණ්ඩාරගම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ධාවනය වී යතුරුපැදියත්…

Read More