Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් සිදුකළ ප්‍රකාශයක අන්තර්ගත කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි. එමගින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය. එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බවද විදේශ අමාත්‍යාංශය පවසයි. එසේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇතිකිරීම සඳහා සහාය වන ලෙසටද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත්…
ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1,000ක් පමණ දකුණින් මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක් පවතින අතර ඒ සම්බන්ධව මුල්වරට විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සිදුකිරීමට ඉන්දිය විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. මෙම කලාපය හැඳින්වෙන්නේ ඉන්දියානු සාගර ගුරුත්වාකර්ෂණ කුහරය ලෙසය. සාමාන්‍ය ගෝලීය ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව අඩු ගුරුත්වාකර්ෂණයක් පවතින මෙම කුහරය වර්ග කිලෝමීටර මිලියන 3 ක සාගර කලාපයක පැතිර පවතියි. මේ කුහරය කලාපය තුළ මුහුදු මට්ටම පවතින්නේ, සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා මීටර් 106 ක් පහළිනි. 1948 දි නෙදර්ලන්ත භූ විද්‍යාඥයින් කණ්ඩායමක් පළමුවරට මෙම සොයාගැනීම සිදුකර තිබූ නමුත් එහි පවතින පීඩන තත්ත්වයට හේතුව මෙතෙක් පැහැදිලි කර නොතිබුණි. බැංගලූරු හි පිහිටි ඉන්දීය විද්‍යා මධ්‍යස්ථාන නිකුත් කළ නවතම වාර්තාවක් මගින් වසර…
ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත. තොරතුරු වාර්තා වන්නේ එම ස්ථානයේ නිවාස 24ක් පමණ ඇති බවටය. ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
සමාජ ජාල අතර ඇතිවී ඇති තියුණු තරගය හේතුවෙන් එම සමාජ ජාල හිමිකරුවන් නිතරම නැවුම් වෙනස්කම් කරමින් සිය ග්‍රාහකයින් රඳවා ගැනීමට උත්සාහ දරයි. TikTok සම්බන්ධයෙන් අපි සියලුදෙනාම දන්නේ එය වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් ලෙසට ය. නමුත් ෆේස්බුක් ත්‍රෙඩ්ස් සහ ට්විටර් X සමාජ ජාලවලට අභියෝගයක් කළ හැකි අලුත් වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබේ. ඒ අනුව වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බව එම මෙවලම හිමි චීන සමාගම පැවසීය. “එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා…” ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.
අතුරුගිරිය පොරේ කනත්ත අසල දී අයිස් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(24) රාත්‍රියේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 29ක් වන අතර ඔහු හෝමගම ප්‍රදේශයේ පදිංච්කරුවෙක්. සැකකරු අද(25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.
ඌරුබොක්ක, හිගොඩ ප්‍රදේශයේ දී පසුගියදා නිවසකට ඇතුල්වී නිවැසියන් බියට පත් කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරුබොක්ක පොලිස් නිලධාරින් විසින් විමර්ශනයක් සිදුකර අදාළ සැකකරුවන් ඊයේ(24) උදෑසන කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. පොලිසිය සදහන් කළේ, අදාළ සැකකරුවන් සතුව රුපියල් 150000 මුදලක්ද තිබූ බවයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 35ක් වන අතර ඔහු කාරියමඩ්ත්ත මිද්දෙණිය ප්‍රදේශයේ පදිංච්කරුවෙක්. සැකකරු අද(25) මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි. මොරවක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. අදාළ සර්ව පාක්ෂික සමුළුව (26) වැනිදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙයි. ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පමණක් නොව ස්වාධීන කණ්ඩායම් වල නායකයන්ට ද ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නායකයන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙරට ජාතික සංහිඳියා ප්‍රයත්නය…
බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි. බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා කීය.
අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.. දීඝවාපිය සිට එරගම දෙසට ධාවනය වූ යතුරු පැදිකරුට නවතින ලෙස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් මානික්කම්මඩුව පාලම අසලදී අණ කර ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇත. එවිට යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලීසිය අවස්ථා දෙකකදි ඔවුන්ට තවතින අණ කළත් තවදුරටත් පලායාමට උත්සාහ කළ විට තබන ලද වෙඩි පහරින් මෙසේ පසු අසුනේ ගමන් කල අයගේ දකුණු පාදයකට වෙඩි වැදී ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත. යතුරු පැදිකරු අත් අඩංගුවට…