Author: LFN

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය. ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය. එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී – ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි. මේ අතර කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද…

Read More

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

Read More

19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය 55 හැවිරිදි පුද්ගලයෙකුට පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි. යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (07) දහවල් කාලයේදී පුද්ගලයෙකු ගසක බැඳ පහරදීමක් සිදුකරන බවට චුන්නාගම් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. පොලීසිය එම ස්ථානයට ගොස් ගසක බැඳ පහරදී සිටි පුද්ගලයා ඉන් මුදවාගෙන තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, 55 හැවිරිදි ආරමුගන් වීදිය, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු චුන්නාකම් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එයට උරණවූ තරුණියගේ පාර්ශවයේ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. එම පිරිස…

Read More

නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය. අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත. කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින්…

Read More

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය. දඹුල්ල අවුරා මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිලට ඕවර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125 ක් පමණි. ෂොයිබ් මලික්ජැෆ්නා පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය…

Read More

මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බව ද පෙන්වා දී තිබේ. මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට…

Read More

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කළේය.

Read More

බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවය. පොලීසිය පැවසුවේ එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටිතැයි සැකකර බවය.

Read More

දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක් එලීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එමගින් කිලෝ වොට් 220ක විදුලි සැපයුමක් අපේක්ෂිතය. එහෙත් එම රැහැන දිවෙන මාර්ගයේ දෙනියාය සිරිපාගම ප්‍රදේශයේදී අතරමග ඇනහිට තිබේ. පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම ව්‍යාපෘතියට බාධා එල්ලවී ඇත. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරෙගේ මහතා, “ඉංජිනේරුවෝ ලෑස්තියි මේක කරන්න. ඒක නිමකළා නම් අපිට සතිදෙකෙන් විතර මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එතකොට මේ ලයින් එක කිලෝමීටර් 150ක් කරලා තියෙන්නේ. තව මීටර් 600ක දුරක් හදන්න තියෙන්නේ පොල්පිටියේ සිට හම්බන්තොටට යන ලයින්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More