Author: LFN

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් හෝටල් කාමර වෙනුවට රෝහල් කාමර වෙන්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, තරගය පැවැත්වෙන අහමදාබාද්හී හෝටල් ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබීම හේතුවෙනි. එක් හෝටල් කාමරයකට දිනක් සඳහා ඉන්දීය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා ගාස්තුවක් අයකරන බව පැවසෙයි. එබැවින් ක්‍රීඩාලෝලීන් අහමදාබාද්හී රෝහල් කාමර වෙන්කිරීමට පෙළඹී ඇති බව වාර්තා විය. දෙදිනක් සඳහා රෝහල් කාමරයකට අයකෙරෙන්නේ ඉන්දීය රුපියල් 25,000 ක් 30,000 ක් අතර ගාස්තුවක් බව සඳහන් වේ. එම ගාස්තුවට පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයක් ද ඇතුළත් ය. ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වීමට නියමිතය.

Read More

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ. ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර (24) දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත. දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බව වාර්තා වේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…

Read More

උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ‍ අතර, පසුව එය ආරම්භ වීමත් සමග දකු් ජනතාව විසින් එයට දැඩි විරෝධයක් එල්ල විය. අනතුරුව දෙපිරිස අතර උණූසුම් තත්වයක් හට ගෙන ඇති බවට වාර්තාවේ. පසුව තත්වය පාලනය කිරීමට පොලිසීය හා යුධ හමුදාව මැදිහත් වී දෙපිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 04කින් පරාජයට පත් විය.

Read More

වවුනියාවේ ඕමන්තමා දර්පනික්කිමහිලන්කුලම් ප්‍රදේශයේ ළිදකින් යුද උපකරණ හා අවි ආයුධ විශාල ප්‍රමාණයක් ඊයේ (22) ගොඩ ගෙන තිබෙනවා. අදාල වත්තේ අයිතිකරු විසින් සිය ළිද සුද්ධ කිරීමට ගිය අවස්ථාවේ දී මෙම යුද උපකරණ මතු වී ඇති අතර ඒ පිළිබදව ඔහු ඕමන්ත පොලිසියට දැණුම් දීමෙන් පසුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ ළිදේ ජලය හිස් කොට යුද උපකරණ හා අවි ආයුධ තො ගය ගොඩ ගෙන තිබෙනවා. ගොඩ ගත් දේ වල් අතර අත් බෝම්බ කීපයක් ටි-56 වර්ගයේ පතුරො ම් 26 ක් තවත් පතුරොම් 38ක් පතුරොම් බහාලුම් 6ක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් හමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වවුනියා ව අධිකරණය දැනුවත්…

Read More

වැල්ලව, වරද්දන ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් ඊයේ (22) අනුරාධපුරය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියැදුරු වන අතර තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා. මිය ගිය අය වයස අවුරුදු 38 ක් වූ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැල්ලව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර, ඊයේ (22) රාත්‍රී කුරුණෑගල මාර්ගයේ මාමනුව ප්‍රදේශයේදී පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ…

Read More

2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය, සියයට සියයකින් නතර කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගෙවීමට ගොවීන්ට සිදුව තිබේ. මේ හේතුවෙන් එළවළු වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට නොහැකි වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වාදෙති. එම කාරණය සැළකිල්ලට ගෙන මෙරට වගාවට අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා…

Read More

නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින බව පොලීසිය පවසයි. මීට අමතරව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන්…

Read More

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්දානන්ද අලුත්ගමගේ ,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇති බවද වාර්තා වේ..

Read More