Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ. එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාවී හිමිවිය. ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බව වාර්තා වෙයි.
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ. අද (22) අලුයම් කාලයේදී පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට එම ආරවුල ඇතිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය ට පැමිණිල්ලක් ද ලැබී ඇත. අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට පැමිණ තිබේ. ඒ, ඇය රැඳී සිටි පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි නිවසට ය. එහිදී මෙම ආරවුල සිදුවී ඇති බව සඳහන් වේ. අදාළ අධ්‍යක්ෂවරයා තමන්ට පහරදී මෝටර් රථයේ යතුර ලබගත් බවට ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ තවත් කාන්තාවක් විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පැවසීය. අදාළ අධ්‍යක්ෂවරයා ද පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ,…
අඟුරුවාතොට ප්‍රදේශයේදී කාන්තාවක් සහ ඇගේ කුඩා බිළිඳිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අද (22) උදෑසන වරකාගොඩ ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමී පුරුෂයාගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු පිළිබඳ සැක මතුව තිබු අතර, ඔහු නිවසින් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව…
මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා (20) දිනය වන විට සංචාරකයන් හත්ලක්ෂ දාහතර දහස් පන්සිය අනූ අට දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් අසු නවදහස් හත්සිය විසි හතර දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඉන් වැඩිම පිරිසක් වන සංචාරකයන් පහළොස් දහස් තුන්සිය තිහක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සඳහන්ය. බ්‍රිතාන්‍ය සංචාරකයන් දසදහස් එකසිය අසූහතර දෙනෙකු, චීනයෙන් පන්දහස් නවසිය හැට තුන්දෙනෙකු සහ ජර්මනියෙන් පන්දහස් එකසිය හතළිස් එක් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. මේ අතර, 2022 සමස්ත වර්ෂය තුළම දිවයිනට පැමිණ ඇත්තේ, සංචාරකයන්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි. ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්වූ දූත පිරිසද දිවයිනට පැමිණ ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වූ අතර, සංචාරය තුළදී දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් ද එළි දැක්විණි.
සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට චෝදනා එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට අමෙරිකාව එලෙස චෝදනා එල්ලකර තිබේ. එම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ චීන හැකර්වරුන් විසින් බවද අමෙරිකාව චෝදනා කරයි.
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙම නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එම ඉවත් කළ නිර්වින්දන ඖෂධ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ලැබී ඇති බැවින් ඒවා රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා සඳහන් කරයි. කිසිවිටකත් ප්‍රමිතියෙන් තොරවූ ඖෂධ ගෙන්වීමට අවසරයක් නොමැති බවත් සෑම විටම ඖෂධ ආනයනය සිදුකරන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ප්‍රමිතීන්ට…
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව නිකුත් වී තිබේ. එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එහි එන නිර්දේශ අතර, දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ආයතනයක් ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනාවක් සඳහන් ව ඇත. එම නිර්දේශවල 4.4.1 යටතේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ 1995 අංක 12 දරණ පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රතිස්ථාපනය කරමින් නව පනතක් මගින් ස්වාධීන ”ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්” පිහිටුවීම ලෙස දක්වා ඇත.…
රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස් ජනක චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කර තිබේ. අදාළ ලිපියේ දැක්වෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවට දැක්වෙන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයකි. එසේම එහි අවසාන වශයෙන් සඳහන් වන්නේ එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.