Author: LFN
මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එම වියදම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසටය. නමුත් එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87 ක් දක්වා 10%කින් පහත වැටීම විශේෂත්වයකි. මේ අතර පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මාසයේ ඉන්ධන ආනයන වියදම 45%කින් වැඩිවීම මීට හේතුව බවය. පසුගිය ජුනි මාසයේ අපනයන ආදායම 19.5% කින් පහත වැටීම ද…
ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇත. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බව ද එම නිවේදනයේ සඳහන්ය. එහෙත් ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව…
සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ‘වසරක ප්‍රගතිය’ සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙම වසරේ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර ඇත. රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද පොල් ආශ්‍රිත…
වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය. අනතුරින් බස් රථයේ ගමන්ගත් 15ක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩු සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ. මෙම සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය විසින් අද (02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.
සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් මහතා පැවසීය. එසේම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී පැවසු බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි. පෙට්‍රල් මිල මාසයකට වතාක් ඉහළ පහළ දැමීමට ප්‍රතිචාර දැක්විය හැකි ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය බවත් එවැනි නියාමනයක් හදුන්වාදීම බලධාරීන්ගේ වගකීම බවත් ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් කියයි. ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව ත්‍රීරෝද සේවයෙන් තව දුරටත් ඈත්වනු ඇති බව ද ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් නියෝජිතයෝ පවසති.
අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. යල කන්නයේ අස්වනු නෙලා ගත් වහාම අතරමැදි කන්නය සඳහා අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන් ය. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල ප්‍රගතිය විමසීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා යොමුවීමට හැකියාවක් නැතත් හම්බන්තොට, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක අතරමැදි කන්නය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන…
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල වේගයෙන් ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 168,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 183,000 ක් දක්වා ද, මිල අද (1) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 178,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයි ද එයින් ඇමරිකා ඩොලර් මිලියන 800ක අදායමක් ලබාගැනීමට හැකිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය…