Author: LFN

මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “නව මහ බැංකු පනත අවසානයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හැකිවුණා. දැන් එය නීතියක් බවට පත්ව තිබෙනවා. එය දේශීය මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අපට පැවරී තියෙන වගකීමට වඩාත් ස්වාධීනත්වයක් ලබාදීලා තියෙනවා වගේම වැඩි ශක්තිමත් වගවීමක් ලබාදීලා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති වෙනස පිළිබඳ පැටලිලි සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා. පාර්ලිමේන්තුවේදීත් සමහරු කියනවා ඇහුනා…

Read More

අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු–ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි හිදී ඊයේ (21) පැවති හමුවෙන් අනතුරුව එම ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ එය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම, නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ…

Read More

නවගමුව ප්‍රදේශයේ අසපුවක වැඩ වාසය කළ හිමි නමකගේ අපවත් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 20 වනදා හිමි නම සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇති බවට ලද තොරතුරකට අනුව නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ඇත. පොලීසිය පවසන්නේ, කඩුවෙල මහෙස්ත්‍රාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම ස්ථානය වෙත ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවය. මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව පොලීසිය සැක පළ කරන්නේ, එම හිමිනම ගිනි තබාගැනීම හේතුවෙන් අපවත් වී ඇති බවටයි. වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙලෙස අපවත් වී ඇති 81 හැවිරිදි හිමිනම විසින් චිතකයක් සාදවා එහි සිට…

Read More

ජාතික රෝහලේ අද (21) දිනය තුළ සූදානම් කර තිබූ ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ, ප්‍රොපොෆෝල් නැමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය හදිසියේ තීරණය කිරීම මීට හේතුව බවයි. කෙසේ වුවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, වෙනත් නිර්වින්දන ඖෂධ භාවිත කරමින් ශල්‍යකර්ම සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී මැදිවත්ත මහතා, ” තොරතුරු ලැබිලා තියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද දිනයේ ශල්‍යකර්මවලට සූදානම් කරගෙන හිටපු රෝගීන් විශාල ප්‍රමාණයකගේ ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ප්‍රොපොෆෝල් නමැති නිර්වින්දන…

Read More

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අදාළ උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කුලියාපිටිය දිසා අධිකරණයේ රිය අනතුරක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවට සාක්ෂි ලබාදීම සඳහා ලබාගත හැකි ගමන් වියදම් මුදල වන රුපියල් 2000ක මුදලට අමතරව පැමිණිලිකරුට වාසි සහගත වන ආකාරයෙන් අධිකරණයේ දී සාක්ෂි ලබාදීම සඳහා එම පොලිස් නිලධාරියා විසින් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට…

Read More

සිසේරියන් සැත්කම්වලදී හිරිවැට්ටීම සඳහා අවශ්‍ය වන මාර්කේන් නමැති ඖෂධය අවසන්වීමෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා දමා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂිකා මධුභාෂිනි කරුණාරත්න මහත්මිය ඊයේ (20) කරුණු පැහැදිලි කළාය. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මධුභාෂිනි කරුණාරත්න මහත්මිය, ඊ පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණි. “දැනට අපේ රෝහලේ කිසිම ශල්‍යකර්මයක් නතර කරලා නැහැ. ඊයේ අපේ රැස්වීමක් තිබුණා. ඒකෙදි දැනුම්දීමක් කළා ඖෂධ අවසන්වීගෙන යනවා.. ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත දැනුම්දෙන්න කියලා. මාර්කේන් කියන ඖෂධය හිඟතාවයක් තිබුණා. ඒ අනුව තමයි ලිපියකින් එතුමාව දැනුවත් කරන්නේ. ඊයෙත් අපි මාර්කේන් ඖෂධයෙන් 50ක් මිලදී ගත්තා. අද අපිට අවශ්‍ය තරම් ඖෂධ…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර එම හමුව පැවති බවය. දෙදින නිල සංචාරයක් සඳහා ඊ (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි. සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාඋල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අරගලය පැවති කාලසීමාව තුළදී එලෙස රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගලය සමයේ මෙම සැකකරු රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් කළේය. එමෙන්ම…

Read More

කුමන කුමන්ත්‍රණය සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පවසයි. ටෙලිකොම් වෘත්තිය සමිති ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා, “ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ. එහි සභාපති ධුරය දැනුවේ මෙම අලුතෙන් පත්වූ රියාස් කියන සභාපතිවරයා. මොන කුමන්ත්‍රණය කළත් ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීමට සේවකයින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ.” ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපති අතුල බොතේජු, “අපේ සේවකයින්ට සහ අපේ ආයතනයට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ. සෑහෙන්න පිරිසක් ගෙදර යවන්න බලාගෙන ඉන්නවා.…

Read More

තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More