Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආන්දෝලනාත්මක හඬ පටයේ අලුත්ම කතාව
    Featured

    ආන්දෝලනාත්මක හඬ පටයේ අලුත්ම කතාව

    By LFNAugust 9, 2023Updated:August 9, 2023No Comments2 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආන්දෝලනාත්මක හඬ පටයකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ වාර්තා පදනම් කරගනිමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙලෙස එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

    එම පරීක්ෂණ වාර්තාවල සඳහන්ව ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවය.

    2019 වසරේදී අදාළ හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය තාවකාලිකව වැඩ තහනමට ලක්කළේය.

    කෙසේ වෙතත් 2021 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම හඬපටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.

    මෙම සිදුවීම එකළ දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය.

    අදාළ සිදුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියේය.

    මේ වනවිට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමිවනු ඇති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.