Author: LFN
මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රි කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදු කළ මූලික විමර්ශනවල දී වායු සමීකරන දුම්රිය මැදිරිවලට ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේදී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගැනීමට…
ළමයින් 91 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ළමාරක්ෂක නිලධාරියෙකුට එරෙහිව එරට බලධාරින් විසින් චෝදනා ගොනු කර තිබේ. ඔහුට එරෙහිව චෝදනා 1,600කට වැඩි සංඛ්‍යාවක් ගොනු කර ඇති අතර, ළමයින් ලිංගික අපයෝජනයට ලක්කර ඒවා රූගත කර අන්තර්ජාලයට මුදා හැරීම එම චෝදනා අතර වේ. රට පුරා සහ විදෙස්ගතව ද සේවය කර ඇති එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2022 වසරේ දී බව සඳහන්ය.
තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම ස්ථානයේ කඳවුරු බැඳීමට ගිය මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තලවාකැලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් කඳු මුදුන වෙත ගොස් ඇත. තලවකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබේ. ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන අතර,10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බව වාර්තා වෙයි. ඒ අනුව සමස්ත බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැඳවියන්ගේ තදබදය හා බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ. කිසියම් පුද්ගලයකු විසින් පිළිරුවට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් නිශ්චිතවම එවැන්නක් තහවුරු කර නොමැති බව දෙහිවල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා මාධ්‍යට පවසා ඇත. ඇතැම් විට එය ස්වාභාවිකවම කඩාවැටීමට ඉඩක් තිබෙන්නට හැකි බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කරයි. කෙසේවෙතත් දැනට සිද්ධිය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බැවින් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ද දැනට සිදුකර නැති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. මෙලෙස කඩාවැටී ඇත්තේ, විජය කුමාරතුංග පිළිරූ මුහුණේ වම් පෙදෙසයි.
රිදීමාලියද්ද යකහඋල්පත ප්‍රදේශයේ වැසිකිළි වළක සඟවා තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ ගොඩගත්තේය. ඒ මහියංගණය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීය. මීට දෙදිනකට පෙර අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළක් සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම මළ සිරුර ගොඩගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව ඝාතනය කර මෙලෙස වැසිකිළි වළක සඟවා ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. මෙම ඝාතනය සිදුව ඇත්තේ 2021 වසරේදීය.
වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ. වවුනියාව තෝණිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 8 දෙනෙකු, එහි සිටි පිරිසට තියුණු ආයුධ වලින් පහර දී නිවසට ගිනි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය මස 23 වනදාය. එහිදී නිවසේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් අනතුරුව යුවළක් මියගියේය. පොලිස්පතිවරයාගේ නියෝග මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණි. මේ අතර, වව්නියාව පොලීසිය හා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අතුඅඩංගුවට ගැනුණේ අපරාධය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවය. සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවතියේය. එසේම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.
දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් අද (01) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද බවත්, එය රුපියල් 25ක් දක්වා අඩු කරදෙන ලෙසත් ව්‍යාපාරිකයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි. මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර…
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.