Author: LFN

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ. එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

Read More

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ. අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙස එම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කර ඇති බවය. ඉන් 887,653 දෙනෙකු සඳහා අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ අනුව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන…

Read More

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී තිබේ. සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1792265 ක් තෝරාගෙන ඇති අතර ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීම ඇතුළු යෝජනා හයක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත. එලෙස කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනා මෙසේය. ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන ලෙස තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩ…

Read More

විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි . පහරදීම සිදුකළ වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය. වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්දයෙන් රතු නිවේදනයක්ද නිකුත් කර එයද නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු නිවසට ගොස් ඇති අතර, සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැතැයිද පොලිසිය කීය. විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත් එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයන් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර…

Read More

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම හා විධි කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. පසුගිය 24 වනදා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම උපදෙස් ලබාදුනි. ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්ෂක ස්ටිකර් හඳුන්වා දී ඇතත් තවමත් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් වෙළෙඳ පොළේ භාවිත වන බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුනි. එසේම ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් මෙහිදී අනාවරණ විය. තවද පසුගිය අයවැයෙන් බදු වැඩිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ…

Read More

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිලද ඉහළ යනු ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 358කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව…

Read More

මේ වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක් පමණ හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. පාසල් සිසුන් ද මත් වීම සඳහා විවිධ ක්‍රම භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එම මණ්ඩලය අනතුරු අඟවයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට මුළු ලොවටම එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් පිරුණු සමාජයක් කෙසේ වේද යන්න හඳුනාගැනීමට දර්ශන ඕනෑ තරම්ය. ශ්‍රී ලංකාවට ද මත්ද්‍රව්‍ය දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුණු පාසල් දරුවන් පිළිබඳ පවා අපට පසුගිය දිනවල වාර්තාවුණි. පාසල් දරුවන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් ද ආරක්ෂක අංශ භාරයට ගැනෙන අතර…

Read More

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි. ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, “ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ තියෙන විධිවිධානවලට අනුකූලව තමයි සඳහන් කළේ. මම හිතන්නේ අපිට මේ චක්‍රලේඛය ඉවත් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ පිළිබඳව ඒ රාජ්‍ය නිලධාරීන් දැනුවත්වෙලා අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ.” ප්‍රශ්නය – වෘත්තීය සමිති තුන්වැනිදා දැඩි ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ…

Read More

2019 වසරේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ කාන්තා පාසලක 7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ ගුරුවරයෙකු ලබන මස දෙවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව අතිරේක මහෙස්ත්‍රාත් එස්.අන්වර් මහතා ඊයේ (31) නියෝග කළේය. මේ වනවිට විශ්‍රාම ගොස් සිටින 61 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත්ව නොමැත. මින් පෙර ශිෂ්‍යාවන් සිව්දෙනෙකු සිදුකළ පැමිණිලි මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ, චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස ලබා තිබේ. පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ඔහු ශිෂ්‍යාවන් 29කට ලිංගික අතවර සිදුකර ඇති බවය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) පැවැති තරගයකින් සුපිරි ජයක් ලබාගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ ගෝල් බී-ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසිය වාසිය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 59ක් රැස්කළ අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28ක් රැස් කළේය. ඒ අනුව ලකුණු 158ක ජයග්‍රහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි බී-ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 130ක් පමණි.

Read More