Author: LFN
රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව ගෙන යන නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙසත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. බංකොලොත් රටක ජනතාව දුක්විදින විටත් රජය කොමිස් ගැසීම් සිදු කරන බව ඖෂධ, අක්ෂි කාච ගෙන්වීමේදී කෝටි ගණනින් කොමිස් ගසමින් තමන්ට කැමති ආයතනවලට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය. කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේය. “භාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න…
ගෙවී ගිය වසර 10ක කාලය තුළ වාර්තා නොවූ සිදුවීම් ද සමඟ අඩුම තරමින් අලි ඇතුන් 6,000ක්වත් මරා දමා ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදය පවසයි. ඉතිරි අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එම සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය වසර 10 තුළ පමණක් වනඅලි 4,000කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “ඒ අතරින් ඇතුන් 40ක් පමණ පසුගිය වසර 10 තුළ මියගිහින් තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. වාර්තා නොවන අනෙක් සෙසු අලි ඝාතන සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමේ…
මා ඔයේ, බෝඇල්ලේ දියනෑමට ගිය යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාවනැල්ල අත්තනගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි යුද හමුදා සෙබළා යහළුවන් සමග දියනෑමට ගොස් ඇති බවට වාර්තාවේ. එහිදි තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, පසුව අසල්වැසියන් එක්ව ඔහුව සොයාගෙන ගොඩට ගෙන ඇත. පසුව යුද හමුදා සෙබළාව මාවනැල්ල මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල, මහමෙව්නාව පාර, යටිගල් ඔළුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුමාර නැමති අවුරුදු 23ක යුද හමුදා රියදුරුවරයෙකි.
ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා අනාවරණ කළේය. ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මාතර…
මෙරට තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබලදෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. තුර්කියේ සංචාරයක නිරතව සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එරට ආරක්ෂක අමාත්‍ය ෆාසා ගුලර් මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ. ෆේතුල්ලා ගුලේන් කණ්ඩායම විසින් මෙහෙයවන ලද ෆේතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා එහිදී අගය කළ බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. මෙම හමුවේ දී තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද…
අමෙරිකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණයෙන් නිව් යෝර්ක් හි වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව මේ වනවිට අමෙරිකානු වැසියන් මිලියන 175 ඉක්ම වූ පිරිසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව් යෝර්ක් නගරයෙන් අඛණ්ඩව දින කිහිපයක් සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වී ඇත. එළිමහන් කටයුතුවල නියැලෙන පුද්ගලයින් සහ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින් ට අධික උෂ්ණත්වයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බව අදාළ නිලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගෙවුණු ජුනි මාසය වාර්තා අතරට එක් ව ඇත්තේ 1850 වසරෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වූ උෂ්ණාධිකම ජූනි මාසය ලෙසය.
ඊයේ (30) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ Towhid Hridoy පන්දු 39කට ලකුණු 54 ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් රැස් කළේය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ ස්ට්‍රයිකර්ස් කන්ඩායම පන්දුවර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට නියමිත කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. එසේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහයෝගය ලබාගැනීම එක්තරා කලාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ සෑම රටක් සමගම දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බවය. “ADB වෙන්න පුළුවන්, IMF වෙන්න පුළුවන්, World Bank වෙන්න පුළුවන්, ජපන් ජයිකා වෙන්න පුළුවන් ඒ හැමගෙන්ම උදව් ගැනීමත් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගෙන් සහයෝගය ගැනීමත් එක්තරා කලාවක්, ඒක එක්තරා විද්‍යාවක්, මම ආඩම්බරයෙන් කියනවා මම බය නැතුව ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි, ඔප්පු කරලා පෙන්න ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සම්බන්ධ තාවයක් තියාගෙන රට ගොඩ ගන්න…