Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ගම්මන්පිලගේ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට
    Political

    ගම්මන්පිලගේ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට

    By LFNAugust 3, 2023No Comments4 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට ඊයේ (02) යොමුකර තිබේ.

    උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව සංශෝධනයට අදාළ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 වැඩබලන මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබේ.

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය,

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

    මින් මතුවට 13 වන සංශෝධනය ළෙස හඳුන්වනු ලබන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්

    (අ) නව වන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:1 අයිතමය සමග කියවිය යුතු 154උ(8) ව්‍යවස්ථාව අනුව වැරදි වැලැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම ඇතුළු නීතිය සහ සාමය පිළිබඳ නීති සම්පාදනය සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති නීති වෙනුවට නව නීති හඳුන්වා දීම ද පලාත් සභාවන්ට පවරා ඇති හෙයින් ද

    (ආ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 11:1 අයිතමය අනුව පොලිසියේ පළාත්බද අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම පළාතේ ප්‍රධාන ඇමතිවරයාට වගකිවයුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතු හෙයින් ද

    (ඇ) 155උ(1)(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 4, 6 සහ 9:1 අයිතමයන් අනුව පළාත් පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නාමයෝජනාවෙන් හෝ එකඟතාවය ඇතිව පත් කළ යුතු බැවින් පොලිසියේ පළාත්බද අංශයේ පොලිස් නිලධාරින් බඳවා ගැනීම, මාරු කිරීම, උසස් කිරීම සහ විනය පාලනය පැවරී ඇති පළාත් පොලිස් කොමිෂන් සභාව දේශපාලනිකරණය වී ඇති හෙයින් ද

    (ඈ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 11 අයිතමය අනුව යම් පළාතක සේවය කරන ජාතික අංශයේ පොලිස් නිලධාරින් ඒ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විධානය සහ පාලනය යටතේ කටයුතු කළ යුතු අතර එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පළාතේ ප්‍රධාන ඇමතිවරයාට වගකිවයුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතු හෙයින් ද

    (ඉ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:2, 12:3 සහ 12:4 යන අයිතමයන් සමග කියවිය යුතු 10:1 අයිතමය අනුව යම් පළාතක සේවය කරන ජාතික අංශයේ පොලිස් නිලධාරින් සාමාන්‍යයෙන් සාමාන්‍ය ඇඳුම් ඇඳ සිටිය යුතු අතර ඔවුන්ට නිල ඇඳුම් ඇඳිය හැක්කේ පළාත් ඇතුලත මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයා විසින් ජාතික අංශයේ සහය ඉල්ලා සිටි අවස්ථාවක හෝ පළාත තුල හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක හෝ ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් වරදක් පිළිබඳ විමර්ශනය කරන අවස්ථාවක හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් වරදක් පිළිබඳ විමර්ශනය කළ යුතු යැයි ප්‍රධාන ඇමතිවරයා විමසා නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් විධාන කරන අවස්ථාවක පමණක් වන හෙයින් ද

    (ඊ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:1 අයිතමය අනුව එහි උපලේඛණයේ දැක්වෙන වැරදි හැර සියළුම වැරදි වැලැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ද අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාර නීතිපතිවරයාගේ බලතල වලට යටත්ව ඒ වැරදි පිළිබඳ අදාළ අධිකරණ වල නඩු පැවරීම සම්බන්ධයෙන් ද බලය පළාත් සභාවන්ට පවරා ඇති හෙයින් ද

    (උ) නවවන උපලේඛණයේ දෙවන ලැයිස්තුවේ දෙවන අයිතමයේ (ඔ) ඡේදයේ දැක්වෙන සීමා කිරීමට අනුව යම් පළාතකට අයත් පොලිස් හමුදාවක් සතු බලතල වෙනත් පළාත් සභාවකට ව්‍යාප්ත කිරීම කළ හැක්කේ එකී පළාත් සභාවේ කැමැත්ත මත පමණක් හෙයින් ද

    ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 256 සහ 257 වගන්ති අනුව යම් ප්‍රාන්ත ආණ්ඩුවක් ජනරජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවේ දී ඊට මැදිහත් වීමට ජනරජයට බලතල ලබා දී ඇති අතර දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියානු ව්‍යවස්ථා ව්‍යුහය පදනම් කරගෙන ඇති නමුත් 154ඔ ව්‍යවස්ථාවේ සීමිත විධිවිධාන හැර එවැනි විධිවිධාන ප්‍රමාණවත් අයුරින් ඇතුලත් කර නොමැති හෙයින් ද

    නීතිය සහ සාමය සම්බන්ධයෙන් වු පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීම ජනරජයේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන හෙයින් ද

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

    1.මෙම පනත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ.

    2.මින් මතුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ළෙස හඳුන්වා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

    (අ)

    i.පළමු ඡේදයේ (ආ) අනුජේදය පරිච්ඡින්න කිරීමෙන් ද

    ii.තුන්වන ඡේදයේ (ඇ) උපඡේදයේ “ජාතික අංශයේ සහ පළාත් අංශයේ” යන වචන ඉවත් කර ඒ වෙනුවට “පොලිසියේ” යන වචනය ආදේශ කිරීමෙන් ද

    155උ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් ද

    (ආ) නවවන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) පළමු අයිතමය පරිච්ඡින්න කිරීමෙන් ද

    (ඇ) නවවන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) පළමු පරිශිෂ්ටය පරිච්ඡින්න කිරීමෙන් ද

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සංශෝධනය කරනු ලබන්නේය.

    3.යම් ව්‍යාකූලත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා

    (අ) පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් නොතිබිය යුතු අතර ඒ අනුව යම් ලිඛිත නීතියක පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් සඳහන් වන්නේ නම් එයින් ශ්‍රී ලංකා පොලිසිය අදහස් විය යුත්තේය.

    (ආ) යම් ලිඛිත නීතියක පළාත් පොලිස් කොමිෂන් සභාව යනුවෙන් සඳහන් වන්නේ නම් එයින් 155අ ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ජාතික පොලිස් කොමිෂන් සභාව අදහස් විය යුත්තේය.

    4. මෙම පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.