Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහෝ දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි…
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතළ…
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි. ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා පවසයි. ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනකදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි.
කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මූලස්ථානය, කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත, CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස්…
අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබුණි. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේය. විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය. එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.…
මින්නේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ තිබී නාඳුනන මල සිරුරුක් හමුව තිබේ. මින්නේරිය පොලීසිය පැවසුවේ හඳුනාගත නොහැකිවන පරිදි මළසිරුර නරක් වී ඇති බවය. අඩි 05ක් පමණ උසැති මෙම පුද්ගලයා අවසන් වරට රතු පැහැති ටී – ෂර්ට් එකක් සහ නිල් පැහැති සරමක් හැඳ සිටින බව සඳහන් වේ. මින්නේරිය පොලීසියට ඊයේ (30) පස්වරුවේ ලැබුණු තොරතුරක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කො සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ ඇබ්බැහිවීම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබද අවධානය යොමුකරමින් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා, “පාසල් තුළ දුරකථන භාවිතය තහනම් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ ආයතනය විසින් මෑතකදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා…
පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් ආතිමූණෙයි මදුරන්වේලි ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා යෝගීව වැඩ වාසය කරමින් සිටියදී පුද්ගලයින් හත් දෙනකු එම භාවනා කුටියට කඩා වැදී හිමිනමට හබලකින් පහරදීරුපියල් 50,000ක මුදලක් හා ජංගම දුරකථනය පැහැර ගෙන පලාගොස් ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි. මෙසේ කඩා වැදුණු පුද්ගලයන් හත් දෙනාගෙන් එක් අයකු විසින් ඔරු පැදීමට යොදා ගන්නා හබලකින් පහරදුන් අවස්ථාවේ භාවනාව යෝගීව වැඩ සිටි භික්ෂූන් වහන්සේ පළාගොස් කොහොඹ ගසක් යට සැඟව සිට ඇතැයි පොලිසිය පවසයි. පැය කාලකට ආසන්න කාලයක් කොහොඹයක් ගසට මුවාවී සැඟවී සිටි අවස්ථාවේ එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සසභාපතිවරයකු පැමිණ ඇත. ඔවුන් දුටු හිමිනම සැඟව…
2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට අප සමග එක්වීමට බොහෝ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගය පොදුජන පෙරමුණ ආදී පක්ෂවල බොහෝ දෙනකු අපි සමග එකඟත්වය පැමණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී අප සමග එක්ව තරග කිරීමට නියමිතයි. ලබන වසරේදී ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණීමට නියමිතයි. ලබන වසර මැතිවරණ වසරක් වෙනවා. උද්ධමනය අඩුඋවත් බඩු මිල අඩු නොවීම පිළිබදව ජනාධිතුමාගේ අවදානය යොමු වෙලා තියෙනවා. යම්කිසි වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි රටේ බඩු මිල පාලනය සදහා යැයි ද පැවසීය.…