Author: LFN
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 5ත් 6ත් අතර කාලය තුළදී මාර්ගයේ පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත. පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවය.
නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවය. මේ අතර අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සමාජිකාවන් පිරිසකගේ මළ සිරුරු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් 08 වෙනිදා හමු වී ඇත. යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සමාජිකාවන් බවට තොරතුරු අනාවරණය වන අතර, දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සමාජිකාවන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටින බවට පෙනී යනු ඇත.…
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ. තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි. සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට…
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත. අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් පොලීසිය පවසයි. වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය පොලීසියත් වැලිවේරිය පොලීසියත් පරීක්ෂණ සිදු කරයි.
ජල අර්බුදයකට ලක්ව තිබෙන අඟුණකොළපෑලැස්ස මැටිගත්තවල කුඹුරුකට ජලය හැරවීමට ගියා මාමා සහ බෑනා අතර වූ බහින් බස් වීමකින් අනතුරුව බෑනා විසින් මාමාට කැති පහරක් ගසා බරපතල තුවාල සිදු කොට ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. බෑනාගේ කැති පහරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 74 ක අයකු බව පොලීසිය කියයි. තුවාලකරු මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී. උඩවලව විශේෂ මහවැලි කලාපයට අයත් මැටිගත්තවල කුඹුරු යායටද මේ වන විට ජල හිඟයක් පවතී.ජල හිඟයෙන් තම ගොයම බේරා ගැනීමට ගිය මාමා හා බෑනා අතර මෙම ගැටුම ඇතිව තිබෙන්නේ අද පස්වරු 3.30ට පමණය. මාමාට පහරදුන් 41 වැනි වියේ පසුවන බෑනා අඟුණකොළපෑලැස්ස පොලීසිය විසින්…
ඔත්තු බැලීමේ චෝදනා මත චීනයේ සිරගතවී සිටි තායිවාන ජාතික ව්‍යාපාරිකයෙකුට දින 1,400කට පසුව නිදහස හිමිවී තිබේ. ඒ අනුව ඔහු බීජිං ගුවන්තොටුපොලේ සිට සිය රට බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලී මින්ග් නම් මෙම තායිවාන ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට පැමිණ තිබු අතර 2019 වසරේ ෂෙන්ෂෙන් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ ඡායාරූප ලබාගත් බවටවූ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. ඔත්තු බැලීම හා රාජ්‍ය රහස් සොරකම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුව පසුව බන්ධනාගාරගත කර තිබූ බව සඳහන් විය. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ තායිවාන ව්‍යාපාරිකයින් දහස් ගණනක් චීනයේ ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටින බවය.
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන් සමග ඊයේ පැවැති සාකච්ඡාවකදීය. එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිදභාවයෙන් සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බවය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඉන් අවස්ථාව හිමිවෙයි. දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අදාළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක ප්‍රදානයක් ලබාදීම ද සිදුකෙරේ.
ලොව පුරා බැතිමතුන් මිලියන ගණනකගේ භක්තියට ආදරයට පත් තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ ශාඛාවක් මෙරටදී විවෘත කිරීම පසුගියදා සිදුවුණි. කල්පිටිය, උච්චමුනෙයි දූපතේ ඉදිකර ඇති එම දේවස්ථානය විවෘත කෙරුණේ තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ අධ්‍යක්ෂ පියතුමන්ගේ සහභාගීත්වයෙනි. ලංකාවේ වයඹ දිග පෙදෙසේ කල්පිටියට ඉහළින් පිහිටි උච්චමුනෙයි ගම්මානය මේ වනවිට ධීවර පවුල් 200කගේ පමණ වාසස්ථානයකි. කල්පිටියේ සිට උච්චමුනෙයි ගම්මානයට ප්‍රවේශවීමට වැලිතලාවක් තිබුණද, එය ජනතාවට ගමන්කළ හැකි මාර්ගයක් ලෙස සංවර්ධනය වී නොමැති නිසා අදටත් උච්චමුනෙයි හැඳින්වෙන්නේ දූපතක් ලෙසය. පාරම්පරික ජනාවාසවලින් සමන්විත උච්චමුනෙයි ගම්මානය තුළ අදටත් විධිමත් පානිය ජල පද්ධතියක් හෝ විදුලිබල පද්ධතියක් ස්ථාපිත වී නොමැත. එබැවින් කුප්පි ලාම්පුවෙන් නිවෙස් එළියවෙන මේ දූපතේ මිනිසුන් පිපාසය…