Author: LFN

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වෙයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත. තරග 24කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර සිට අගෝස්තු 20 වනදා දක්වා පැවත්වීමට නියමිතව තිබේ. මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිතය. මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ වියලි ආහාර බෙදහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය. ඊයේ (28) පස්වරුවේ එම වැටලීම සිදුකර තිබුණි. එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් සොයාගත් එම නිලධාරීන් නීති රෙගුලාසිවලින් තොර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් අදාළ භාණ්ඩ තොගයට මුද්‍ර තබන ලදි. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණේ තොටළඟ පිහිටි ස්ථානයකදීය. එහිදී සිදුකළ සොයාබැලීමේදී පළමුව අනාවරණ වුයේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදෙන ඇණවුම් මත ඔවුන්ගේ මෙරට සිටින ලබැඳියන්ට අදාළ භාණ්ඩ මෙම ආයතනය මගින් බෙදාහරින බවය. ඒ අනුව අදාළ ස්ථානය පරීක්ෂා කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ…

Read More

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මානසික රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනෙකු ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවය. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පසුගිය 25 වැනිදා මියගොස් තිබේ. ඔහු පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඔසී නානායක්කාර නමැති එක්දරු පියෙකි. රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ නාන කාමරයේ ඇද වැටී රෝගියා මියගිය බවය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, පහරදීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් මරණය…

Read More

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේදී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත. ඒ අනුව ඊට අදාළ කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, එමඟින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව…

Read More

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වී තිබේ. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම…

Read More

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු බවය.

Read More

ව්‍යාජ වීසා බලපත්‍රයක් සමඟ කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට සැක සිතී ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් දැනුම්වත් කර ඇත. එම අවස්ථාවේදී අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවට අමතරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ කාන්තාවට ව්‍යාජ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා සහාය වී ඇත්තේ, මෙම නිලධාරියා බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා අද (28) මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී කාන්තාවට ඇප ලැබුණු බව වාර්තා වෙයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගෝස්තු…

Read More

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෝර්ඩ් සමාගම අමෙරිකාව තුළ අලෙවිකර තිබූ F-150 කැබ් රථ විශාල ප්‍රමාණයක් නැවත කැඳවීමට කටයුතු කර තිබේ. විද්‍යුත් තිරිංග පද්ධතියේ ඇති දෝෂයක් හේතුවෙන් F-150 කැබ් රථ 870,000ක් ඒ ආකාරයට නැවත කැඳවීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. 2021 සිට 2023 දක්වා කාලයට අදාළ රථ එසේ කැඳවා තිබුණි.

Read More

චෝදනා කිහිපයකට වරදකරුවන් වූ 05 දෙනෙකුට කුවේට් රාජ්‍යය ඊයේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු ද ඒ අතර වෙයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස එල්ලා මරාදමා ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා, “මොහු සන්තකයේ තිබිලා තියෙනවා අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ භාගයක්. සන්තකයේ තබාගැනීමේ වරදට තමයි මොහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනතුරුව ඔහුව එල්ලා මරණයට පත්කරනවා. ඔහුගේ අවසාන ඉල්ලීමක් තිබුණා මෘත දේහය මෙරටට ගෙන්වලා ඔහුගේ මවට ලබා දෙන්න කියන එක. ඒ…

Read More