Author: LFN

ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ ඊ සසුන්ගත වූවාය.. ඒ කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නාමයෙනි. මෙම සුවිශේෂී සසුන්ගතකිරීමේ පිංකම සිදුකර ඇත්තේ මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදීය. 35 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද විය. විදෙස් පැරෂුට් තරගාවලිවලට පවා සහභාගී වී ඇති ඇය වාර හාරසිය අනූවකට ආසන්න ප්‍රමාණයක් පැරෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බවට සඳහන් වෙයි.

Read More

කළුතර උතුර වෙරළ තීරයේ තිබී ඊයේ (27) පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. අවුරුදු 02ක පමණ වයසැති දැරියකගේ සිරුරක් එලෙස හමුවී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Read More

සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් මෙරටට ගෙන්වූ පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගැනුණි. ඒවායෙහි මුළු වටිනාකම රුපියල් කෝටි සියයකට අධිකය. සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරගැනීමට අවශ්‍ය බව පවසා මෙම සැකකරුවන් 06 දෙනාගෙන් තිදෙනෙක් ඊ (27) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී එම භාණ්ඩ තොගයේ ඇත්තේ කෘත්‍රිම ගංජා කිලෝග්‍රෑම් 30ක් බව හඳුනාගැනුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් ලෙස ගණන් බලා තිබුණි. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දෙමටගොඩ පදිංචිකරුවන් වන එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන…

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.් අගෝස්තු මස 24 වනදා සිට වසර 03ක කාලයක් සඳහා අදාළ පත්වීම බලාත්මක වෙයි.

Read More

කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ. මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය. එමෙන්ම අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවද මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.

Read More

කලම්බු ඩොක්යාඩ් සමාගම විසින් නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව ඊයේ (27) වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිරික්ෂණය කළේය. ප්‍රංශයේ ඔරේන්ජ් මැරයින් සමාගම සඳහා නිර්මාණය කර ඇති මෙම නෞකාව සමූද්‍රීය පතුළේ රැහැන් එළීමේ කටයුතු ඇතුළු සමූදීය ඉදිකිරීම් කටයුතු සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. දිගින් මීටර් 100 ක් වන මෙම නෞකාව මඟින් මෙරටට ලැබී ඇති විදේශ විනිමය යූරෝ මිලියන 50 කි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන් හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය ක්‍රියාමාර්ග ලබාදීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙසද එම කමිටුව මගින් නිර්දේශ කර ඇත. ඉන්දීය ලෝක් සභාවේ විදේශ කටයුතු කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ප්‍රතිපත්තියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමිනි. මෙම කමිටුව පෙන්වා දෙන්නේ 2021 වසරේදී ඉන්දියාව මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා වශයෙන් ඩොලර් මිලියන 142ක් ආයෝජන කර ඇති බවය. එමෙන්ම අදාළ කමිටුව මගින් තවදුරටත් නිර්දේශ කර…

Read More

අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිපාලන අංශයේ අතිරේක ලේකම් ගීතාමනී සී. කරුණාරත්න ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලු අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සියලු ප්‍රධාන මූල්‍ය නිලධාරින් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතෙක් කල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් රාජකාරි සදහා වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමයක් නොතිබුණු අතර මෙවැනි තීරණයක් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ. එමෙන්ම වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින්…

Read More