Author: LFN

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර…

Read More

එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

Read More

ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු මිල දී නොගන්නා වෙළෙඳුන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු ඔවුන් ගෙන් ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන වෙළෙඳසල් හිමියන් අතරමැදියන් හරහා ඒවා මිල දී ගන්නා බවට ගොවිජනතාව කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි. මේ හරහා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයන් ද සූරාකෑමේ වැඩපිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යංශය අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවීන් කැඳවා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…

Read More

කොළඹ රෝයල් පාක් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා නිදහස් කරනු ලැබුවේ සියලු ක්‍රමවේදයන්ට යටත්ව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව බවය.

Read More

මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය. තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන බස්රථයකින් දඹුල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී තිබේ. අදාළ බස් රථයේ මඟීන් තිදෙනෙකුට ගමන් කළ හැකි අසුනක තුර්කි ජාතික තරුණියන් දෙදෙනෙකු අසුන්ගෙන සිට ඇති අතර අනෙක් තරුණයා සහ තරුණිය මඟීන් දෙදෙනෙකුට අසුන් ගත හැකි අසුනක වාඩීවී සිට තිබේ. අතරමඟදී බස් රථයට ගොඩවූ අත්අඩංගුවේ පසුවන…

Read More

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේය.

Read More

Toyota මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබේ. මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවය. අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවය. මේ අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින්…

Read More

යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ජනපති බයිඩන් ගේ පාලනය ගනු ලැබූ තීරණය සියල්ලන් තුන්වැනි ලෝක යුද්ධයක් කරා තවදුරටත් සමීප කරවන බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. සිය “ටෘත් සෝෂල්” සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ජනපති ජෝ බයිඩන් දැන් සිදුකළ යුත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කිරීම බවය. එමෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා පොකුරු බෝම්බ ලබාදීමද ඔහුගේ දැඩි විවේචනයට ලක්වුණි. එය මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මතද භාවිත නොකළ යුතු බවට ඔහු අවධාරණය කළේය. කුඩා බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකිය. මේ නිසා ඉදිරි දශක ගණනාවක් පුරා මෙම පොකුරු බෝම්බ අහිංසක යුක්‍රේන…

Read More

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනකු මරුමුවට පත්ව 40 දෙනකු පමණ රෝහල් ගත කිරීමේ පුවත කන වැකීමෙන් මුළු රටම කම්පා වූයේය. සසල වූයේය. ඉකුත් 9 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය වූ අතර ඉන් දෙදිනකට පසුවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ අනතුරෙන් කොටලීය ඔයේ මළසිරුරු ගසාගෙන ගොස් ඇත්දැයි පරීක්ෂා කරන බවය. අනතුරේ බිහිසුණු බව එමගින් මනාව නිරූපිතය. ඉපදෙන සැවොම මියයන බව සැබෑවකි. මරණය රැගෙන එන්නේ උපතත් සමගය. එහෙත් ‘‘කාල මරණං – අකාල මරණං’ යනුවෙන් මරණය කොටස් දෙකකට බෙදේ. නිසි ආයු කාලය විඳ මරණයට…

Read More