Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඉවත්වීමට තීරණය කර ඇත. 14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති. ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ එම කාරක සභාවෙන් තමා ඉල්ලා අස් වූ බවයි. ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාය. ඔහු එම කමිටුවට පත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී…
දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින මෙම ආරක්ෂක නිලධාරී පුරප්පාඩු පිරවීමට මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයක් හරස් වී ඇති බවත් දැනගන්නට තිබේ. රාජකාරි කටයුතුවල අවශ්‍යතාවය අනුව 719 දෙනෙකු පමණ සිටිය යුතු දුම්රිය ආරක්ෂක හමුදාවේ දැනට සිටින්නේ ආරක්ෂක නිලධාරීන්. 402 ක් පමණ බවත් මේ වසරේ ඉන් නිලධාරීන් 34 දෙනකු ද ලබන වසරේ නිලධාරීන් 47 දෙනකු ද විශ්‍රාම යාමට නියමිත බව දැන ගැනීමට තිබේ. දැනට වසර දෙකකට පමණ පෙර දුම්රිය ආරක්ෂක අංශයට නිලධාරීන් බදවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වා ඉන්…
ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි මේ නිසා සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි. එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටයේය . සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ නියාමනයට යටත් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. අස්වැසුම වැඩපිළිවෙළ…
කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් යුතුවය. එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසිවලට අනුව ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතය. මේ අනුව එම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතින බව වාර්තාවේ. මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. ඛනිජ තෙල් ආනයනය හා අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදා හැරීම සඳහා අයදුම්කරුවකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත…
ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ. විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.
ජුනි මාසයේ සිට අඛණ්ඩව ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කිහිපයක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැඩි වර්ෂාව හා ඒ හේතුවෙන් පවතින ආපදා තත්ත්වය හමුවේ ඉකුත් පැය 24 දී පමණක් පාකිස්තානයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව ජුනි මාසයේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාව හා ඒ හමුවේ පවතින ආපදා හේතුවෙන් මේ වනවිට පාකිස්තානයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 81ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. තුවාල ලැබූ සංඛ්‍යාව 151 කි. තුවාල ලැබූවන් අතර ළමුන් 37 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු වෙයි.…
ඉන්දියාවෙන් බිත්තර ආනයනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ දැඩි ක්‍රියාපිළිවෙත එම ආයතනය ඔස්ට්‍රේලියාවෙන් මෙරටට එළුවන් ආනයනය කිරීමේදී එලෙසම අනුගමනය නොකිරීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචනයට ලක්වුණි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට කැඳවු අවස්ථාවේදී අනාවරණය වූයේ රුපියල් මිලියන 33ක වියදමින් ඔස්ට්‍රේලියාවන් මෙරටට ආනයනය කරනු ලැබු එළුවන් නිරෝධායනයේදී සහ අවස්ථා කිහිපයකදී මිය ගොස් ඇති බවය. එබැවින් එළුවන් ආනයනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් එම කමිටුවේ සභාපති රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් මස 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන බවය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම විභාගය දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බවය.
ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තම සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති අතර කිසියම් පාර්ශ්වයක් විසින් මෙය සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දැනුවත්වී නොමැති බවය. අනායනික බිත්තර හෝටල් සහ බේකරි සඳහා පමණක් ලබාදී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී ආනයනික බිත්තර වෙළෙඳපොලේ අලෙවි වන බවට අනාවරණය කළේය.