Author: LFN

ඉදිරි මාස 05 සඳහා ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 67ක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය සේවාවේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට රට තුළ ඖෂධ 270 ක හිඟයක් පවතින බවය. මේ අතර හෘද රෝගියකුට කළුතර නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී දත්ත නොමැති සංයුක්ත තැටියක් ලබාදුන් බවට එල්ල කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, “රෝගියෙකුගේ CD තැටියක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒ දුවට කියලා තිබ්බේ..…

Read More

රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි. ඒ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100…

Read More

මිහින්තලේ නගරයේ ස්ථාපිත කර ඇති රටබීම හල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලි සිටී. එම රටබීමහලට එරෙහිව ඊයේ (10) විශාල පිරිසක් විරෝධතාවක ද නිරත වුණි. “සංචාරක ප්‍රවර්ධනය සඳහා මිහින්තලයට අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා. සිද්ධස්ථාන තියෙනවා, සෙල්ලිපි තියෙනවා, පුරාවිද්‍යා ස්ථාන සංචාරක ප්‍රවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒ තියෙද්දි මේ බියර් සාප්පුවක් දාලා සංචාරක ප්‍රවර්ධනය කියලා අනුවන ක්‍රියාවක්…” “අපිට මීට වඩා ප්‍රශ්න තියෙනවා. තෙල් පොහොර ප්‍රශ්න තියෙනවා. ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. වීවලට මිලක් නෑ. ඉන්නේ තෙල් පොහොර දෙන මිනිස්සු. ඒ ඔක්කෝම තියෙද්දි මේ මිනිස්සු ජාරාව ගෙනත් දාගෙන. මහ එවුන් පර්මිට් දීලා. ලයිසන් දීලා…” “ලංකාවේ එකම නගරය තමා මස් කඩයක්, තැබෑරුමක් තිබුණේ…

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව කළුතර උතුර දුම්රිය ස්ථානා අතර පිහිටා ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් ප්‍රවේශපත්‍ර කවුළුව ආවරණය සදහා යොදා ඇති වීදුරුව බිදී ඇති අතර , දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති මල් පෝච්චියක්ද බිදී පෙරලී ඇති අයුරුද දැකගත හැකිවිය . දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පමණක් රාජකාරි යෙදී සිටින නමුත් එහි ඉබි යතුරු ලා වසා තැබීම හේතුවෙන් වැඩිදුර තොරතුරු ලබාගැනිමට නොහැකිවිය.

Read More

දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි. මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත. ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

Read More

විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරහෙිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති. භික්‍ෂූන් කීහිප පොළක් කරන පහත් නින්දිත ක්‍රියාවන් උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නයට විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ ඊ (10) පැවසූහ. වැරදි කරන කිසිඳු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක ස්වාමීන්වහන්සේලාට විනය පරීක්‍ෂණයක් කර නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ.…

Read More

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව කාදිනල්වරු 21දෙනෙකු තෝරාපත් කර ගන්නා බවට නිවේදනය කර තිබේ. ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දේව මෙහෙයක් අතරතුර නව කාදිනල්වරු පත්කිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේ ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දේවස්ථානයේ සාමාජිකයන් 21දෙනෙකු ඉහළ කාදිනල් නිලයට ඔසවා තබන බවට උන්වහන්සේ එහිදි ප්‍රකාශ කර ඇත. ස්ථිර වශයෙන් නව කාදිනල්වරු එම තනතුරුට පත්කිරීමේ උත්සවය ලබන සැප්තැම්බර් මස 30 වනදා පැවැත්වෙන බව සඳහන් වේ. ඒ අනුව ඔවුන් අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වන විට 86 වන වියේ…

Read More

කන්කසන්තුරය වරාය හරහා ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට මෙරට අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකි බව ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවේ. එමෙන්ම එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහාමෙහා රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති වීම හේතුවෙන් එය තවත් මාස 6ක පමණ කාලයක් ප්‍රමාදවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ. ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය හිමි නොවන බවය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු…

Read More

පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකි. ප්‍රථමයෙන් මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ. කෙසේ වෙතත් එම එන නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇත. වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ. ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට…

Read More