Author: LFN
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්දානන්ද අලුත්ගමගේ ,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇති බවද වාර්තා වේ..
ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇත. පක්ෂයේ මීට පෙර සිටි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හතර දෙනාගේ සංඛ්‍යාව මේ වන විට අට දක්වා වැඩි කර ඇත. ඒ අනුව, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලෙස්ලි දේවින්ද්‍ර, ෆයිසර් මුස්තාපා , අංගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත් කර ඇත. නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මුලදී කටයුතු කළ අතර ඔවුහු ආණ්ඩුවට එක් වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත්…
වවුනියාව තෝනිකල් හි නිවසකට අද (23) අලුයම කඩු සහ පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් විසින් නිවසියන් වෙත පහරදී සාදයේ සිටි පිරිස නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහල වෙත අැතුලත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි. අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තමන් සමුගන්නා බව ලහිරු තිරිමාන්න නිවේදනය කළේය. ඔහු සිය සමුගැනීමේ සටහන තබමින් සඳහන් කළේ,…
පාකිස්තාන වැසියන් 12,000 කට වැඩි පිරිසක් විවිධ රටවල සිරගතවී සිටින බව පාකිස්තාන මාධ්‍ය පවසයි. ඒ, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ය. එරට මාධ්‍ය පැවසුවේ පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විදේශ රටවල බන්ධනාගාරවල සිර කරසිටින පාකිස්තානුවන්ගේ තොරතුරු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය. ඉන් වැඩි පිරිසක් රඳවා සිටින්නේ මැදපෙරදිග කලාපීය රටවල බවද සඳහන් ය. එලෙස මැදපෙරදිග කලාපීය රටවල සිරමැදිරි තුළ සිටින පිරිසෙන් වැඩිම පිරිසක් රඳවා සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බවද එම සංඛ්‍යාව 6,200ක් පමණ වන බවත් වාර්තාවී තිබේ.
මෙරට දරිද්‍රතාව පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහාය වීමට සූදානම් බව චීනය අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබේ. චීනයේ චොන්ග්කිංග් නගරයේ නාගරික කමිටු ලේකම්වරයාද වන ජියාජුන් මහතා ඊයේ (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇති බව වාර්තා වෙයි. එහිදී දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයන් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔහු එකඟතාව පළකර තිබේ. එමඟින් සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට හැකිවන අතර, ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව තුරන් කිරීමටද හැකිවනු ඇති බව යුවාන් ජියාජුන් මහතා අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.…
පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ. එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාවී හිමිවිය. ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බව වාර්තා වෙයි.
රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවද වාර්තා වේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. පහරදීමෙන් මියගොස් ඇත්තේ, 65 හැවිරිදි හිඳැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, තුවාලකරුවන් අවුරුදු 36 හා 37 වයසේ පසුවන මරණකරුගේ පුතුන් දෙදෙනා බව පොලීසිය වාර්තා කරයි. කලක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම අපරාධය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අපරාධය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්…
ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හදුන්වා දීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත. එසේම, ආනයනික බිත්තර ඉදිරි සති කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර…
ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා සමග ඉන්දීය සංචාරයට එක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසීය. එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.