Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් අද රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාවේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් උදය කාලයේදී වැසි ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
චීනයේ ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී එම සිද්ධිය වාර්තා වී ඇති අතර පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබුණි. අද (10) උදෑසන මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර එය සැලසුම් සහගතව කර ඇති බව පොලීසිය පැවසීය.
ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය. එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.96ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.34ක් ලෙසත් දැක්වුණි.
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වේ. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය. ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.…
වාහල්කඩ ගොවි ජනපදයේ ඇති ප්‍රාදේශීය රෝහලේ වැඩ භාරගත් වෛද්‍යවරියක වැඩ බාරගත් දා සිට මේ දක්වාම මාස තුනක් තිස්සේ, රෝහල “පැත්ත පලාතෙවත්” ඇය නොපැමිණි බව වාහල්කඩ රෝහල් කමිටුව කියයි. පසුගිය අප්‍රේල් මස 25 වැනි දා වාහල්කඩ රෝහලට පැමිණි මෙම වෛද්‍යවරිය, මැයි මස එකොළොස් වැනි දින රෝහලේ වැඩ නිල වශයෙන් භාර ගෙන, එදිනම “ලෙඩ නිවාඩු ” දමා රෝහලෙන් පිටව ගිය බවත්,මේ හේතුව නිසා දැනට ස්ථාන මාරුවක් ලබා වාහල්කඩ රෝහලෙන් නික්ම යාමට බලා සිටින එම රෝහලේ සිටින වෛද්‍යවරියට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවද ,රෝහල් කමිටුව සඳහන් කරයි. දැනට වෛද්‍යවරියන් දෙදෙනකු පමණක් සිටින වාහල්කඩ රෝහලේ එක් වෛද්‍යවරියක ට ස්ථාන මාරුවක් ලැබී ඇතත්, ඇය වෙනුවට…
කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය.
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය. ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි. කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු…
දරුවන් සම්බන්ධයෙන් වූ දත්ත එක් රැස්කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය යටතේ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දත්ත පද්ධතිය ගැටලු රැසක් හේතුවෙන් තවමත් භාවිතයට ගැනීමට නොහැකිව ඇති බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. ඒ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය. කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ නිලධාරීන් රැක්වූ අදහස් සහිත විඩියෝව ඉහත දැක්වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.