Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි
    Featured

    රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි

    By LFNJuly 28, 2023No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් මෙරටට ගෙන්වූ පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගැනුණි.

    ඒවායෙහි මුළු වටිනාකම රුපියල් කෝටි සියයකට අධිකය.

    සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරගැනීමට අවශ්‍ය බව පවසා මෙම සැකකරුවන් 06 දෙනාගෙන් තිදෙනෙක් ඊ (27) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    එහිදී එම භාණ්ඩ තොගයේ ඇත්තේ කෘත්‍රිම ගංජා කිලෝග්‍රෑම් 30ක් බව හඳුනාගැනුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් ලෙස ගණන් බලා තිබුණි.

    ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දෙමටගොඩ පදිංචිකරුවන් වන එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

    එහිදී අනාවරණ වී ඇත්තේ, චීනයේ සිට රුසියානු ජාතිකයෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බවය.

    එමෙන්ම, මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එවා ඇති බවත්, කොළඹ ඕල්කට් මාවතේ වෙළෙඳසැලක ගබඩා කර තිබූ එම රසායනික ද්‍රව්‍ය තොගය දෙහිවල පිහිටි සිය හෝටලයකට ලොරි රථයක් කුලියට ගෙන රැගෙන යන ලෙසට සිය ගෝලයින් දෙදෙනෙකුට උපදෙස් දුන් බවත්, එක් සැකකරුවෙක් පවසා තිබේ.

    ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී අදාළ ලොරි රථය සහ රියදුරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනුණි.

    එම ඇම්පිටමින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 කි.

    සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා අදාළ රුසියානු ජාතිකයා මෙම සියලු ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව සැකකරුවන් පැවසුවත්, එවැනි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා අවසරදී නැතැයි පොලීසිය පවසයි.

    එමෙන්ම ඇම්පිටමින් රසායනිකය මෙරටට ගෙන ඒම ද නීතියෙන් තහනම් වෙයි.

    අත්අඩංගුවට ගත් කෘත්‍රීම ගංජා සහ ඇම්පිටමින් සාම්පල විමර්ශන සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත යොමු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.