Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්
    Hot News

    ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

    By LFNJuly 28, 2023No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ.

    එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන් හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය ක්‍රියාමාර්ග ලබාදීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙසද එම කමිටුව මගින් නිර්දේශ කර ඇත.

    ඉන්දීය ලෝක් සභාවේ විදේශ කටයුතු කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ප්‍රතිපත්තියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

    මෙම කමිටුව පෙන්වා දෙන්නේ 2021 වසරේදී ඉන්දියාව මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා වශයෙන් ඩොලර් මිලියන 142ක් ආයෝජන කර ඇති බවය.

    එමෙන්ම අදාළ කමිටුව මගින් තවදුරටත් නිර්දේශ කර ඇත්තේ, මෙරට බලශක්ති විදුලිබල, වතු වැවිලි, වරාය සහ පුනර්ජනනීය බලශක්ති, ඛනිජ හා නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ඉන්දීය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම් සිය ආයෝජන පුළුල් කිරීමට සහ නව ව්‍යාපෘති ආයෝජන කිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවටය.

    ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය මුදල අනුමත කරගැනීමට මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඉන්දියාවේ සහායවීම පාර්ලිමේන්තු විදේශ සේවා කමිටුවේ ප්‍රසාදයට ලක්වී තිබේ.

    එමෙන්ම ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ සෙසු රටවල සහාය ලබාගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවද එම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

    මේ අතර ඉන්දියාව සමග පවතින සබඳතා වර්ධනය කරගැනීමට පියවර කිහිපයකින් යුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද පවසයි.

    මෙවන් පසුබිමක දිවයිනට පැමිණි අදානි සමාගමේ නියෝජිතයින් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    (26) පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

    අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජන පිළිබඳව සහ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සූර්ය පැනල ව්‍යාපෘතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.

    මෙම සාකච්ඡාව සඳහා මෙරට සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය මහතා ද එක්වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.