Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ටෙලිකොම් රැක ගන්නැයි ජනපති ට ලිපියක්
    Featured

    ටෙලිකොම් රැක ගන්නැයි ජනපති ට ලිපියක්

    By LFNJuly 27, 2023No Comments2 Mins Read221 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

    එහි පිටපත් සර්වආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායක, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, මානව හිමිකම් කොමිසම, කම්කරු කොමසාරිස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් වෙත යොමුකර ඇත.

    රට තුළ පැවැති යුද සමයේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් සන්නිවේදන පහසුකම් සැපයූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුනාමි සහ කොවිඩ් තත්ත්වයන්වලදී ද රට වෙනුවෙන් විශාල සේවයක් සැපයූ බව අදාළ ලිපියෙන් පෙන්වා දෙයි.

    ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සන්නිවේදන ජාලය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය වෙනුවට රට වෙනුවෙන් කටයුතු කළ බවද සිහිපත් කරයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2012 වසරේ සිට 2021 වසර දක්වා ලබා ඇති ලාභය පිළිබඳව ද අදාළ ලිපියෙන් පෙන්වා දී තිබුණි.

    IMF යෝජනා තුළ රජයට බරක් වී ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කරන ලෙස දන්වා තිබුණ ද ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණිය යුතු යැයි සඳහන් වී නොමැති බවද අදාළ ලිපියෙන් සඳහන් කරයි.

    ලාභදායි ලෙස මෙරට ජනතාවට සන්නිවේදන සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ලාංකීය ජනතාවට රජය සතු ආයතනයක් ලෙස තැබිය යුතු බවද ජනාධිපතිවරයා වෙත යැවූ එම ලිපියෙන් පෙන්වා දෙයි.

    තවද මෙරට ග්‍රාමීය ප්‍රදේශවල දුරකථන සබඳතා සඳහා කිලෝමීටර් 65,000ක ෆයිබර් ජාල ව්‍යාප්ත කිරීම ද මේ වනවිට සිදුකර ඇති බව පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දත්ත සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම රටවල් 16ක් යා කරන මුහුදු සන්ධාම පද්ධතියක්, කේබල් නඩත්තු මධ්‍යස්ථානයකින් ද සමන්විතය.

    එවන් ආයතනයක් රටට ජාතික වස්තුවක් බවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි.


    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.