Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
උදාරාබාධයක් හේතුවෙන් පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණියකට එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත. 20 හැවිරිදි මහනුවර පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය උදරාබාධ තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි. එහි දී මෙම තරුණියට එන්නත් දෙකක් ලබා දී ඇති අතර, ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බව පවුලේ ඥාතීන් සදහන් කරයි. මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව වාර්තා වෙයි.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ අද (12) අලුයම් කාලයේ දී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර පරීක්‍ෂා කළේය. එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන පාර්සල් හතරක අසුරන එම රත්‍රන් තොගය මෙලෙස නාවික හමුදා භාරයට ගැනුණි. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ…
දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි ‘පඬු කරඳ’ හෙවත් කෲඩියා සිලනිකා නම් ගස හදිසියේම එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි. ප්‍රදේශවාසීන් පැවසුවේ පසුගිය 10 වනදා පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවය. මෙම පඬු කරඳ ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි. කෙසේවෙතත් මේ වනවිට අදාළ ස්ථානයෙන් අතුරුදන් කර ඇති එම ගස ඊට යාබද ස්ථානයක වළ දමා ඇති බවට භික්ෂුන්වහන්සේ පිරිසක් චෝදනා කර තිබේ. ඒ අනුව අදාළ ස්ථානයේ සෝදිසි කිරීමක් ද සිදුකෙරුණි.
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5න් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවුණි. එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවසීය. එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය මේ පිළිබඳව අනාවරණය කෙරුණි. මෙරට සීමිත සමාගම් 150,000 ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවද ඒ මහතා පෙන්වා දුනි.
පරිප්පු ආනයනය කිරීමේ මුවාවෙන් නීති විරෝධීව ආනයනය කළ උඳු තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් ඊයේ (12) සිය භාරයට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 6කට අධිකය. ඉන්දියාවේ සිට කඩල පරිප්පු ආනයනය කරන මුවාවෙන් මෙම උඳු තොගය මෙරටට ගෙන්වා තිබේ. අදාළ ආයතනය මෙම උඳු ආනයනය කර ඇත්තේ කඩල පරිප්පු කිලෝග්‍රෑම් 48,000ක් ආනයනය කරන බව පවසමිනි. නමුත් එහි තිබී ඇත්තේ කඩල පරිප්පු කිලෝග්‍රෑම් නවදහසක් පමණි. රේගුව පවසන්නේ බහාලුම් තුළවූ සෙසු කිලෝග්‍රෑම් 39,000 උඳු බවය.
ආගමික විශ්වාසයන් හේතුවෙන් ඇතැම් පිරිස් දරුවන්ට “සරම්ප සඳහා වන එන්නත්” ලබාදීමෙන් වැළකී සිටීම නිසා සරම්ප බෝවීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙයි. සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 වසරේ දී සරම්ප රෝගය මෙරටින් තුරන් කෙරුණි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව සැලකෙන්නේ සරම්ප තුරන් කළ දකුණු ආසියාවේ රටවල් 5 අතරින් එක් රටක් ලෙසටය. එවැනි තත්ත්වය මත රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, සරම්ප බවට සැකකෙරෙන දරුවන් 15 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඉන් හත් දෙනෙකුට සරම්ප වැළදී ඇතැයි තහවුරු වූ බවය. ඒ සියලු දෙනා සරම්ප වැළැක්වීමේ එන්නත් ලබා නොගත් දරුවන් වෙයි. වෛද්‍යවරු පවසන්නේ ශ්‍වසන මාර්ගය හරහා…
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ. නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම අද (12) දිනයේ සලකා බැලු බව . ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇති බව සඳහන්ය. පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
පේරාදෙණිය මහ රෝහලේ දී ලබාදුන් එන්නතකින් පසුව තම දියණිය ජීවිතක්ෂයට පත්වු බවට මවක් චෝදනා කරයි. බඩේ අජීරණ තත්ත්වයකින් පෙළුණු 21 හැවිරිදි චමොදි සංදීපනි, පසුගිය දා කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණි. ඇය පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඒ අනුව සිදුකළ ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් චමොදිගේ මව පැවසීය. “මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවය. “අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රසස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ…
ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.