Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ ඇත්ත මෙන්න – දෙමළ දේශපාලකයින්ගේ බොරුව අතේ පත්තු වෙයි
    Featured

    කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ ඇත්ත මෙන්න – දෙමළ දේශපාලකයින්ගේ බොරුව අතේ පත්තු වෙයි

    By LFNJuly 30, 2023Updated:July 31, 2023No Comments2 Mins Read388 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සමාජිකාවන් පිරිසකගේ මළ සිරුරු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් 08 ‌වෙනිදා හමු වී ඇත.

    යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සමාජිකාවන් බවට තොරතුරු අනාවරණය වන අතර, දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සමාජිකාවන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටින බවට පෙනී යනු ඇත.

    දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් උතුරු නැගෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කොට ඇති බවට වාර්තාවේ.

    නමුත් යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් ගොඩ නැගීමට යන තර්කය සම්පූර්ණයෙන්ම ව්‍යාජ තර්කයන් බවට පෙන්නවා දීමට පුළුවන.

    මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවන රාජා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම කැණීම් වලදී කොටි සමාජිකාවන්ගේ බවට සැකකෙරෙන ඇටසැකිලි කොටස් නිල ඇඳුම් කොටස් හා ආයුධ හමුවීම නිසා එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතන බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.