Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහලේදී සිදුවූ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    රෝහලේදී සිදුවූ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNJuly 29, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මානසික රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනෙකු ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවය.

    අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පසුගිය 25 වැනිදා මියගොස් තිබේ.

    ඔහු පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඔසී නානායක්කාර නමැති එක්දරු පියෙකි.

    රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ නාන කාමරයේ ඇද වැටී රෝගියා මියගිය බවය.

    පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, පහරදීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් මරණය සිදුව ඇති බවය.

    මානසික රෝගයකින් පෙළුණු සිය ඥාතියා රෝහලේ සුළු සේවකයින්ට කළ වතුර ඉසීමක් මුල්කරගෙන ගැටුම හටගෙන ඇති බව රෝගියාගේ පවුලේ ඥාතීන් පවසයි.

    මෙම මරණය සම්බන්ධයෙන් රෝගියාගේ ඥාතීන් මුල්ලේරියාව පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹුණි.

    ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය සහයකයින් තිදෙනෙකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගැණුනු අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැණුනේ අද උදෑසනය.

    ඔවුන් සිව්දෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    රෝගියාගේ ඥාතීන් පැවසුවේ, පෞද්ගලික ආයතනයක වසර 28ක පමණ කාලයක් සේවයකළ මොහු වරින් වර අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගත් බවය.

    නමුත්, බිරිඳගේ වියෝවත් සමග ඔහු නිසි පරිදි ඖෂධ ලබාගෙන තිබුණේ නැත.

    ඒ හේතුවෙන් යළි රෝගී තත්ත්වය උත්සන්න වී පසුගිය 20 වැනිදා රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය අද කරුණු පැහැදිළි කරමින් පැවසුවේ, “මේක සේවකයින් කිහිපදෙනෙකුගේ හැසිරීමේ වරදක්. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය පහරදීමක් නිසා සිදුවෙලා තියෙනවා. සේවකයින් පහරදෙන බව CCTV දර්ශනවලින් ඔප්පු වුණා. ඒ පහරදුන් සේවකයින්ගේ වැඩ තහනම් කළා.” යනුවෙනි.

    මේ අතර මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඒ සඳහා පත්කළ විශේෂ කමිටුව මේ වනවිටත් අදාළ රෝහලට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඊට අදාළව කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් ප්‍රධානීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.