Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති අස්වැසුමට කළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය
    Featured

    ජනපති අස්වැසුමට කළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය

    By LFNAugust 1, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී තිබේ.

    සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1792265 ක් තෝරාගෙන ඇති අතර ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීම ඇතුළු යෝජනා හයක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    එලෙස කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනා මෙසේය.

    ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන ලෙස තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩ යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119056 දෙනකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම,

    වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්ති විඳින 393097 දෙනකුට අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට සමුර්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් කිරීම,

    දැනට වකුගඩු රෝග ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදුකිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ලබාදීම,

    රැකබලා ගන්නා නිවාස වල හෝ ආගමික සිද්ධස්ථාන වල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයන් 11660 දෙනකු සඳහා අදාල ප්‍රතිලාභ තවදුරටත් ගෙවීම එම යෝජනාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.