Author: LFN

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිනෙන් දින වාර්තා වන සිදුවීම් පිළිබඳ ජනතාව තුළ පවතින අප්‍රසාදය නැති කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි පියවර ගතයුතු බවයි. වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ පිරිමි දරුවෙකු (27) මියගොස් තිබිණි. එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත්…

Read More

අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා එනම් සෙනසුරාදා පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අවශ්‍ය වුවහොත් අනිද්දා එනම් ඉරිදාත් බැංකු විවෘත කර තැබෙන බවය.

Read More

ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ . Hayashi Yoshimasa මහතා මෙරට දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතය.

Read More

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (28) දිවයිනට පැමිණියේය. දකුණු පැසිෆික් කලාපයේ සංචාරයක නිරතවීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරතවන අතර, එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීම පිළිබඳ අවධානය යොමුවනු ඇත, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට මේ වසරේදී 75 වසරක් සපිරෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ එරට යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ දිවයිනට පැමිණියහ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.

Read More

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. එමෙන්ම 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි. 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හිදී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම්…

Read More

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවය. මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවටය.

Read More

සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන අතර පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පළ කළේය. ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

Read More

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය. අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර තිබුණි. අනතුරින් යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් 16 හැවිරිදි වියේ පසුවූ රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස්…

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් ඔහුව බොරැල්ල කනත්ත ආසන්නයේදී ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

Read More