Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලාදුරු අවදානම වැඩි වෙයි
    Featured

    ලාදුරු අවදානම වැඩි වෙයි

    By LFNAugust 9, 2023Updated:August 9, 2023No Comments3 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා,

    “ඇත්තටම මේ රෝගය ශරීරගතවෙලා රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු 3ක් – 5ක් වගේ යනවා. ඒ නිසා එක පාරට මේ රෝගය මතුවෙන්නේ නෑ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ, අද අපිට වාර්තාවන රෝගියෙක්ට රෝගය ශරීර ගතවෙලා තියෙන්නේ අවුරුදු 3කට 5කට කලින් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ඇති වෙලා ඉක්මනින් රෝගීන් අප වෙත එන්නේ නෑ. මේක සැඟවිලා තියෙනවා. ගොඩක් අයගේ ශරීර තුළ අවුරුදු ගණන් මේ රෝග ලක්ෂණ තිබිලා තමයි මේ රෝග ලක්ෂණ මතුවෙන්න ගන්නේ. එ්ක තමා අපිට තියෙන අභියෝගය. නමුත් පරක්කු වෙලා රෝග ලක්ෂණ මතුවුණාට ප්‍රතිකාර කිරීම මඟින් අවුරුද්දක්, මාස 6ක් ඇතුළත මේක සුව කරන්න පුළුවන්. ඒක තමා අපි සතුටු වෙන කාරණය. පාලනය කරන්න අමාරු වෙලා තියෙන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු ගාණක් යන නිසා.

    මේක හිරිවැටුණ පැච් එකක්. හමේ පාට අඩු හිරි වැටීමක් තියෙන පැච් එකක්. මේක වේදනාවක් නෑ. කැසීමක් නෑ. හිරි වැටීමක් විතරයි තියෙන්නේ. මේක නොසලකා එදිනෙදා රාජකාරි කටයුතු කරනවා. මේක මුලිකත්වය දෙන්නේ නෑ මොකද මේක බාධාවක් නෑනේ. කල්පැවතිලා මේක වැඩිවෙලා ඇඟිලි හැලෙන තත්ත්වයට පත්වුණාම තුවාල හොඳවෙන්නේ නැතුව තියෙන කොට මිනිස්සු මේකට ප්‍රතිකාර ගන්න නැඹුරු වෙනවා. එතකොට පරක්කු වැඩියි. එවැනි රෝගීන් වැඩි වශයෙන් මේ රෝගය පතුරවනවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නය.”

    එම මාධ්‍ය හමුවට එක්වු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මංජුලා තිලකරත්න මහත්මිය පවසා සිටියේ, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලාදුරු රෝගීන් 120ක් පමණ වසරකට වාර්තා වන බවය.

    එමෙන්ම මේ වසරේ මුල් මාස 6තුළ මොරටුවෙන් ලාදුරු රෝගීන් 51 දෙනෙක් වාර්තා වී ඇති අතර, ඒ අතර අවුරුදු 14ට අඩු දරුවන් 8 දෙනෙක් සිටින බව ද මංජුලා තිලකරත්න මහත්මිය පැවසුවාය.

    “ඇත්තටම අපිට රෝගීන් 51ක් වාර්තා වුණත් ඊට වඩා රෝගීන් අපි දන්නවා මේ ප්‍රදේශයේ ඉන්නවා කියලා. මේ රෝගය සම්බන්ධයෙන් තියෙන අනිසි බිය ඒ වගේම පිළිකුල් කරන තත්ත්වය නිසා ගොඩක් රෝගීන් රෝහල්වලට යන්නේ නෑ.

    සමාජයේ සැඟවිලා ඉන්න අපිට හඳුනාගන්න බැරි රෝගීන් නිසා තමයි සමාජයේ මේක ව්‍යාප්ත වෙන්නේ. ඒ රෝගීන් හඳුනාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා විසින් අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. වැඩිපුර රෝගීන් වාර්තා වන අවධානම් සහිත ග්‍රාම නිලධාරී වසම්වලට ගිහින් සියලුම නිවාසවල පුද්ගලයින් ලාදුරු රෝගීන් ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට. අපි මේකේ පළමු වැඩසටහන කොරලවැල්ල ප්‍රදේශයේ පැවැත්වුවා. එහිදී ලාදුරු බවට සැක රෝගීන් 45ක් හඳුනාගත්තා. මොවුන් පානදුර රෝහලේ හමේ රෝග සායනය වෙත යොමු කරා. එහිදී මේ වෙද්දි ලාදුරු බවට තහවුරු වු රෝගීන් තුනක් සොයාගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.